උතුරේ මන්ත්‍රීවරු සජිත්ගේ මැතිවරණ සටනට බසිති | දිනමිණ


 

උතුරේ මන්ත්‍රීවරු සජිත්ගේ මැතිවරණ සටනට බසිති

දෙමළ ජාතික සන්ධානය මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කිරීමත් සමගම එම පක්ෂයේ මන්ත්‍රීවරු උතුරේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කොට තිබේ. දෙමළ ජාතික සන්ධානයේ එම්.එ.සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් මන්නාරමේ පෞද්ගලික හෝටලයකදී මන්නාරමේ ස්වේච්ඡා සංවිධාන නියෝජිතයින් හා ප්‍රාදේශීය දේශපාලනඥයන් දැනුවත් කිරීමේ වැඩ සටහනක් 4 දා සවස පැවැත්වුණි. දෙමළ ජාතික සන්ධානයේ මන්නාරම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතා විසින් මේ සාකච්ඡාව සංවිධානය කොට තිබූ අතර ඒ සදහා පළාතේ නීතිඥයින් වෛද්‍යවරුන් ඇතුළු තවත් පිරිසක්ද සහභාගී වී සිටියහ.

උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

නව අදහස දක්වන්න