සති අන්ත නිවාඩුවේ කොළඹ සිට බදුල්ලට විශේෂ දුම්රියක් | දිනමිණ


 

සති අන්ත නිවාඩුවේ කොළඹ සිට බදුල්ලට විශේෂ දුම්රියක්

නිමල් රාජපක්ෂ

සති අග නිවාඩුවට ගම්බිම් බලා ගමන් ගන්නා මගී ජනතාවගේ පහසුවට 08, 09 සහ 12 දිනවල කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල බලා විශේෂ දුම්රියක් ධාවනය කෙරේ.

අදාළ දුම්රිය කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 07.35ට ගමන් අරඹන අතර බදුල්ල දුම්රිය ස්ථානයට අලුයම 04.43 ළඟා වීමට නියමිතය. බදුල්ල දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 08.00 ගමන් අරඹන දුම්රිය කොළඔ කොටුව දුම්රිය ස්ථානයට අලුයම 05.26ට ළඟා වීමට නියමිතය.

මේ විශේෂ දුම්රිය රාගම, ගම්පහ, වේයන්ගොඩ, මීරිගම, පොල්ගහවෙල, රඹුක්කන,කඩුගන්නාව, පේරාදෙණිය හන්දිය, ගම්පොල, නාවලපිටිය, ගල්බොඩ දුම්රිය ස්ථානවල ද, ගල්බොඩ සිට බදුල්ල දක්වා ඇති ප්‍රධාන දුම්රිය ස්ථානවල ද නතර කරන බව දුම්රිය නියෝජ්‍ය වාණිජ අධිකාරී ඩබ්ලිව්. ඩී. රංජිත් පද්මලාල් මහතා පවසයි.

නව අදහස දක්වන්න