'සජිත් සමාජ විප්ලවය' යුද්ධ තුනක් දිනවන විශිෂ්ටතම ප්‍රතිපත්ති ප්‍රකාශයයි | දිනමිණ


 

'සජිත් සමාජ විප්ලවය' යුද්ධ තුනක් දිනවන විශිෂ්ටතම ප්‍රතිපත්ති ප්‍රකාශයයි

බුද්ධිකා ඉඹුලාන

පාඨලී-එරාන්-හර්ෂ-අජිත් ඇමැතිවරු විශේෂ විග්‍රහයක දී අවධාරණය කරති

සජිත් සමාජ විප්ලවය' ප්‍රතිපත්ති ප්‍රකාශනය යථාර්ථයක් කරමින් යුද්ධ තුනක් ජයග්‍රහණය කරවන සුහුරු ජනාධිපතිවරයකු ලෙස සජිත් ප්‍රේමදාස මහතා සුවිශාල ජයග්‍රහණයක් ලබන බව ඊයේ (5) පදනම් ආයතනයේ දී පැවැති 'සජිත් සමාජ විප්ලවය' ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳ විශේෂ විග්‍රහයක දී අවධාරණය කෙරිණි.

මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රහණයෙන් පසුව සජිත් පේ‍්‍රමදාස මහතා සමාජ, ආර්ථීක, දේශපාලන, පාරිසරික වශයෙන් විප්ලවීය පරිවර්තන ගණනාවක් සිදු කිරීමට නියමිත බව ද එහි දී අනාවරණය විය.

මහ නගර හා බස්නාහිර සංවර්ධන අැමැති පාඨලී චම්පික රණවක, මුදල් රාජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් කැබිනට් නොවන ඇමැති අජිත්.පී.පෙරේරා, ආරථික ප්‍රතිසංස්කරණ හා පොදු සැපයුම් කැබිනට් නොවන ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්, 'සජිත් සමාජ විප්ලවය' ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳ මෙම විශේෂ විග්‍රහය පැවැත්විණි. එහි දී අනාවරණය වූයේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා, මත්ද්‍රව්‍යවලට එරෙහිව, දූෂණයට එරෙහිව, ආගමික අන්තවාදයට එරෙහිව යුද වැදීමට දැවැන්ත සැලසුමක් සකස් කර අවසන් බවයි. මේ යුද්ධය ඒ මහතා නියත වශයෙන් ම ජයගෙන ශ්‍රී ලංකාව යළිත් ජාතිකව හා ජාත්‍යන්තරව පැසසුමට ලක්වන, ජනතාවට සුබසෙත සැලසෙන යුගයක් බිහි කරන බව ද එහි දී අදහස් දැක්වූ ඇමැතිවරු ප්‍රකාශ කළහ.

මත්ද්‍රව්‍ය විරෝධී නව නීති රීති, අධිකරණයක්, ආරක්ෂක අංශ ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ජීවිතාන්තය දක්වා සිමාවිරහිත දඬුවම්, මත්පැන් බලපත්‍ර අලුතෙන් නොදීම‍ ආදී පියවරද, දූෂණය සම්බන්ධවූ කිසිවකු තම කැබිනට් මණ්ඩලයට එක් කර නොගැනීම, නීතිය ඉක්මවා යෑමට කිසිවකුට ඉඩ නොතැබීම, නීතිය සැමටම සමානව හිමිකර දීම, අල්ලස් සම්බන්ධ චෝදනාවල දී නව නීති හඳුන්වා දීමට කටයුතු යෙදීම ප්‍රසම්පාදන කටයුතු නිසි ලෙස සිදු කීරීම හා ඒවා ජනතාවට විවෘත කිරීම, දූෂණයට එරෙහි යුද්ධයේ දී සිදු කිරීමද වන බව ද මෙහි දී අවධාරණය කෙරිණි.

එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වී සිදු කරන අනෙත් යුද්ධය ලෙස ආගමික අන්තවාදයට එරෙහිව ක්‍රියාත්මක යුද්ධයට ඉතා වැදගත් තැනත් හිමිකර ගන්නා අතර ජාතිවාදය අවුස්සන ආගමික අන්තවාදය පතුරවන අන්තවාදීන්ට එරෙහිව සජිත් ප්‍රේමදාස මහතා විශාල සටනක් සිදු කරන බවත්, විශේෂයෙන්ම ආගමික නායකයන් සමඟ සංහිදියා කමිටු පිහිටු වීමත් සිදු කෙරෙන බවත් මෙහි දී ඇමැතිවරුන් අවධාරණය කරන ලදි. මේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කරමින් නව යුගයක් කරා ගෙන යන ශක්තිමත් ආර්ථික ප්‍රතිපත්තියක් සජිත් ප්‍රේමදාස මහතා සතු බවත් ඒ මහතා සමෘද්ධි ඇමැතිවරයාව සිටිය දී සමෘද්ධි දීමනාව රුප්යල් 3500 දක්වා ඉහළ දැමීමට පියවර ගත් බවත්, දුප්පත්කම මේරටින් තුරන් කර දැමීමට මෙන්ම ජනතාවගේ සමාජ ආරක්ෂණය පිළිබඳව හෝ අත්තිවාරමක් දැමීමට එතුමා සතුව නිසි ක්‍රමවේදයක් ඇති බවත් මෙහි දී ප්‍රකාශ කෙරිණි.

රටේ සෑම ජන කොටසක්ම, ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි සැකසුම යුගයේ විශිෂ්ටතම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා බව ද මෙහි දී අවධාරණය කෙරිණි.

නව අදහස දක්වන්න