සජිත්ගේ ආධාරකරුවන්ට මැර ප්‍රහාර | දිනමිණ


 

සජිත්ගේ ආධාරකරුවන්ට මැර ප්‍රහාර

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ බකමූනේ පැවැති රැස්වීමකට පෙරේදා (4) සහභාගි වූ දේශපාලන ආධාරකරුවන්ට මැර ප්‍රහාරයන්ට ලක්වීමට සිදුව තිබේ.

සජිත් ප්‍රේමදාස මහතාගේ රැස්වීමට සහභාගි වී නිවෙස්වලට යමින් සිටි ආධාරකරුවන්ට පහරදීම සිදුව ඇත්තේ දියබෙදුම හන්දියේදීය. ඇලහැර ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් එම ප්‍රහාරය එල්ල කැර ඇතැයි සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ මෙහයුම් ඒකකයේ නීතීඥ යසස්ද සිල්වා මහතා සඳහන් කෙළේය. ඒ සම්බන්ධයෙන් දියබෙදුම පොලිස් ස්ථානයට පෙරේදා‍ෙ4) රාත්‍රියේ පහරකෑමට ලක්වුණු ආධාරකරුවන් පැමිණීල්ලක් ඉදිරිපත් කර ඇතැයිද ඔහු සඳහන් කෙළේය. ඊට අමතරව ඊයේ (5) සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ මෙහයුම් ඒකකයේ ප්‍රධානී තිස්ස අත්තනායක මහතාගේ අත්සනින් යුතුව මැතිවරණ කොමිසමට තමන්ද පැමිණිල්ලක් බාරදුන් බවද නීතීඥ යසස්ද සිල්වා මහතා සඳහන් කෙළේය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණමඩුවේ පැවැති රැස්වීමට පැමිණි ආධාරකරුවන්ටද පහරදීමක් සිදු වී තිබේ.

එම රැළියට සභාගිවී යමින් සිටි ආධාරකරුවන්ට ප්‍රහාරය එල්ල වී ඇත්තේ කරුවලගස්වැව තුඩා මැදවච්චිය ප්‍රෙද්ශයේදීය. ඔවුන් ගමන් කරමින් සිටි ලංගම බස් රථයේ මග හරස්කරමින් කොට දමා රථය නතර කර පහරදීම සිදුව තිබේ. එහිදී තුවාල ලැබූ සිවු දෙනෙක් තබ්බෝව සහ පුත්තලම රෝහල්වලට ඇතුළත් කැර ඇත.

ගයාන් කුමාර වීරසිංහ

නව අදහස දක්වන්න