සනීපාරක්ෂාවට සමච්චල් කරන පොහොට්ටුවේ කාන්තාවන් ගැන කනගාටුයි | දිනමිණ


 

සනීපාරක්ෂාවට සමච්චල් කරන පොහොට්ටුවේ කාන්තාවන් ගැන කනගාටුයි

මෙරට දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා සනීපාරක්ෂාව පිළිබඳ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කළ කතාවට පොදුජන පෙරමුණේ කාන්තා නියෝජිතයන් දක්වන ප්‍රතිචාර පිළිබඳව කණගාටු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙසේ කියා සිටියේ ඊයේ (5) සිරිකොත පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

තවදුරටත් මන්ත්‍රීවරිය මෙසේද පැවසීය.

කාන්තාව කාන්තාවගේ අපහසුතාවයන් හඳුනා නොගන්නේ නම්, එය සමච්චලයට ලක් කරන්නේ නම් අන් අය පිළිබඳව බලාපොරොත්තු තබා ගන්නේ කෙසේ දැයි මන්ත්‍රීවරිය වැඩි දුරටත් ප්‍රශ්න කරයි. මෙවන් වැදගත් කාලීන මාතෘකාවක් සාකච්ඡාවට ලක් කිරීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා පිළිබඳව ආඩම්බර වන බව ද ඇය පැවසුවාය.

මෙය සැබෑ කාන්තා ප්‍රශ්නයක් බැවින් දේශපාලන මාතෘකාවක් පමණක් විය යුතු නැති බවත් පක්ෂ විපක්ෂ බේදයකින් තොරව මේ සඳහා සහාය දිය යුතු වන්නේ කාන්තාවන් බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කීය. තමන්ගේ මවට, බිරියට, සහෝදරියට ආදරය, ගෞරව කළ නොහැකි පිරිමියකුට කිසිම කාන්තාවකට ගරු කිරීමට හෝ ආදරය කිරීමට නොහැකි බව පවසන ඇය තම මවට, නැගණියට, බිරියට අතිශයින් ආදරය හා ගෞරව කරන පුද්ගලයකු ලෙස සජිත් ප්‍රේමදාස මහතා ගෞරවනීය නායකයකු වීමට සුදුසු බවට කාන්තාවන් වෙනුවෙන් මේ දක්වන අවධානයම ප්‍රමාණවත් බව සඳහන් කළාය.

ක්‍රිසන්ති විතාරණ

නව අදහස දක්වන්න