නීති විරෝධී සිගරට් සමඟ චීන කාන්තාවක් අත්අඩංගුවට | දිනමිණ


 

නීති විරෝධී සිගරට් සමඟ චීන කාන්තාවක් අත්අඩංගුවට

නීති විරෝධී සිගරට් සමඟ චීන ජාතික කාන්තාවක් ඊයේ(05) සවස අත්අඩංගුවට ගෙන ඇත.   
 
කොල්ලුපිටිය, ශාන්ත අන්තෝනි මාවත ප්‍රදේශයේදී කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද සිගරට් 7200ක් සමඟ වයස අවුරුදු 37ක් වූ චීන ජාතික කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. 
 
අත්අඩංගුවට ගත් සැකකාරිය අද(06) කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. කොල්ලුපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

නව අදහස දක්වන්න