සජිත්ගෙන් කාශ්‍යප හිමියන්ට ලැබුණු ලිපිය | දිනමිණ


 

සජිත්ගෙන් කාශ්‍යප හිමියන්ට ලැබුණු ලිපිය

අමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට එරෙහිව මාරාන්තික උපවාසයක් ආරම්භ කළ පුජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් සිය උපවාසය අත්හරිනු ලැබීය. 
 
කාශ්‍යප හිමියන්ට සජිත් ප්‍රේමදාස මහතා ද ලිපියක් යොමු කර තිබුනි.
 
එම ලිපියේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කර ඇත්තේ ජනාධිපතිවරණයෙන් පසුව එම ගිවිසුම අත්සන් තබන්නේ නම් එය සිදුකරන්නේ පාර්ලිමේන්තුවේදි හා ඉන් පිටතදි සිදුකරන සංවාදයකින් පසුව බවයි.
 
තමන් කිසිම විටක රටට අහිතකර ගිවිසුමකට නොඑළඹෙන බවත් එමෙන්ම මෙම ගිවිසුම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියා මාර්ග ගැනිමේදි ඒ ගැන උඩුදුම්බර කාශ්‍යප හිමියන් ඇතුළු මහා සංඝරත්නය සමග සාකච්ජා කොට අවවාද අනුශාසනා ලබා ගන්නා බව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සිය ලිපියේ වැඩිදුරටත් කරුණු දක්වා ඇත.

නව අදහස දක්වන්න