Prime Grand-Ward Place වෙතින් පෞද්ගලිකත්වය ගැන සහතිකයක් | දිනමිණ


 

Prime Grand-Ward Place වෙතින් පෞද්ගලිකත්වය ගැන සහතිකයක්

මෙරට දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ අද්විතීය නාමය වන ප්‍රයිම් සමූහය කොළඹ 7, වෝඩ් පෙදෙසෙහි ඉදිකරන Prime Grand, Ward Place නිවාස ව්‍යාපෘතිය පෞද්ගලිකත්වය සුරැකීම අතින් ඉහළම අධි සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියයි. එමෙන්ම වෝඩ් පෙදෙසෙ හි ඉදිවන උසම නිවාස ව්‍යාපෘතිය මෙය වන නිසා බාධා රහිතව හාත්පස නැරැඹීමේ සහ අතිශය පෞද්ගලික දිවි පෙවෙතක් ගත කිරීමේ අවස්ථාව ද මෙහිදී හිමිවනු ඇත. වර්තමානයේ ස්මාර්ට්ෆෝන් බහුලවම භාවිත වන අතර, සෑම ගොඩනැගිල්ලකම පාහේ ආරක්ෂිත කැමරා සවිකර තිබේ. මේ හේතුවෙන් වත්මන් සමාජයේ පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීම බරපතළ ලෙස අභියෝගයට ලක්ව ඇති කරුණකි. මේ අභි‍යෝගාත්මක තත්ත්වය පිළිබඳ දැඩි අවධානය යොමු කරමින් Prime Grand, Ward Place නිවාස ව්‍යාපෘතිය පෞද්ගලිකත්වය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් නිර්මාණය කර තිබේ.

මහල් රැසකින් සමන්විත අනිකුත් නිවාස සංකීර්ණ වර්තමානයේ මුහුණ දී ඇති ප්‍රධාන අභියෝගය වන්නේ පෞද්ගලිකත්වයයි. එකම නිවාස සංකීර්ණයක ජීවත් වන නිවැසියන්ට අනිකුත් නිවාස වල නිවැසියන් සහ අමුත්තන් එකිනෙකා මුණ ගැසීම පෞද්ගලිකත්වය කෙරෙහි ඇති දැඩි අභියෝගයකි. මේ නිසා බොහෝ අවස්ථාවල තම පවුලේ සාමාජිකයන් සමඟ හිතවතුන් සමඟ නිදහසේ කාලය ගත කිරීමට ඇති අවකාශ ඉතා සීමිත වී තිබේ. මේ ගැටලුව පැහැදිලිව හඳුනාගනිමින් ඊට ප්‍රායෝගික විසඳුම් සහිතව Prime Grand, Ward Place නිර්මාණය කර ඇති අතර මෙහි බැල්කනි පවා නිර්මාණය කෙරෙන්නේ අදාළ නිවෙසෙහි නිවැසියන් වෙනත් නිවෙසක අයට ඇස නොගැසෙන ආකාරයටය.

 

නව අදහස දක්වන්න