ගතවූ මාස 11ට ඩෙංගු රෝගීන් 64,290ක් | දිනමිණ

ගතවූ මාස 11ට ඩෙංගු රෝගීන් 64,290ක්

වසරේ ගත වූ මාස 11ක කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඩෙංගු රෝගීන් 64,290දෙනෙකු පමණ වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කළේය.
 
එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සදහන් කලේ ඉන් වැඩිම ප්‍රතිශතයක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවය. එය ප්‍රතිශතයක් ලෙස සියයට 46.8කි. එසේම ගතවූ මාස කිහිපය තුළ ඩෙංගු මරණ 85ක් වාර්තා වී ඇත. 
 
මේ දිනවල දිවයිනට බලපා ඇති අන්තර් මෝසම් වර්ෂාපතනයත් සමඟ කොළඹ, ගම්පහ සහ මහනුවර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක මදුරු ගහනය වර්ධනය වී තිබේ. මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන අවම කිරීමට පියවර අනුගමනය කරන්නැයි  වෛද්‍ය අරුණ ජයසේකර මහතා ජතාවගෙන් ඉල්ලීමක් කරනු ලැබේ.

නව අදහස දක්වන්න