‘ජනශක්ති’ 25වැනි වසර සමරයි | දිනමිණ


 

‘ජනශක්ති’ 25වැනි වසර සමරයි

රක්ෂණ ක්ෂේත්‍රයේ වසර 25ක ගමන් මඟේ සුවිශේෂී ගෞරවයක් සනිටුහන් කරමින් ජනශක්ති ඉන්ෂුවරන්ස් පී. එල්. සී. නමින් අද දිනයේ කොළඹ කොටස් හුවමාරුවේ ඇරැඹුම සීනු නාද විය. ජනශක්ති රක්ෂණ සමාගමේ සභාපති ප්‍රකාශ් ෂාෆ්ටර්, අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ප්‍රනාන්දු, ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය, ඉහළ නිලධාරීන් සමඟ කොළඹ කොටස් වෙළෙඳ පොළ ප්‍රධානීහු ද මේ අවස්ථාවට සහභාගි විය.

වර්ෂ 1994 දී ‘ජනශක්ති’ බිහිවූයේ මෙරට පළමු විශේෂඥ ජීවිත රක්ෂණ ආයතනය ලෙසිනි. එතැන් පටන් මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ සීමාවන් ඉක්මවමින් දිනෙන් සිය විශිෂ්ටත්වය ඉහළ නැංවීමට ‘ජනශක්ති’ වෙත හැකියාව ලැබුණි.

අඛණ්ඩ සාර්ථකත්වයේ සහ සුවිශේෂී පාරිභෝගික සත්කාරයේ 25වැනි වසර සමරනු ලබන සමාගමක් ලෙසින්, ජනශක්ති රක්ෂණ සමාගම, 2018 වසරේ දී, වෙනස්වන පාරිභෝගික අවශ්‍යතා, සමාජ නැඹුරු වටා කේන්ද්‍ර වී ඒවා සපුරාලනු ලබන නව ආයතනික ක්‍රමෝපායන් දියත් කරමින් සිය ජීවිත රක්ෂණ මූලයන් වෙත යළි ගමන් කළේ නවීකරණය වූ රක්ෂණ විසඳුම් ද හඳුන්වා දෙමිනි. ශක්තිමත් කණ්ඩායමකින් සමන්විත වෙමින්, ලංඡනය සහ සන්නාමය යළි දියත් කිරීම, නව ශාඛා ජාලයක් ස්ථාපිත කිරීම, ඩිජිටල් ක්‍රමවේදයක් සහ ක්‍රියාවලියක් බලාත්මක කිරීම ආදිය මගින් සිය ආයතනික කාර්යක්ෂමතාව තවදුරටත් වර්ධනය කරමින් ‘ජනශක්ති’ මෙරට රක්ෂණ කර්මාන්තයේ ප්‍රමුඛයන් හා තරගයට අවතීර්ණ වනු ඇත.

 

නව අදහස දක්වන්න