පීපල්ස් ලීසිං මීගමුව සේවා මධ්‍යස්ථානය අලුත් තැනක | දිනමිණ


 

පීපල්ස් ලීසිං මීගමුව සේවා මධ්‍යස්ථානය අලුත් තැනක

ශ්‍රී ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ මීගමුව සේවා මධ්‍යස්ථානය, ගනුදෙනුකරුවන්ට වඩාත් සුවපහසු, කඩිනම් මූල්‍ය හා රන් ණය සේවාවක් ලබාදීමේ අරමුණෙන් නව පරිශ‍්‍රයක (නො. 209, කෙලින් වීදිය, මීගමුව) එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී, සබි‍්‍ර ඊබ්‍රහිම් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා විවෘත කෙරුණි. මීගමුවෙහි පිහිටි පීපල්ස් ලීසිං ප්‍රධාන ශාඛාවට අමතරව මේ සේවා මධ්‍යස්ථානය නව පරිශ්‍රයක පිහිටවූයේ මීගමුව හා එය අවට ප්‍රදේශවාසීන්ගේ මූල්‍ය කටයුතු හා රන් ණය සේවාවන් වඩාත් පහසුවෙන් සිදු කරගත හැකි වන ලෙසිනි.

පීපල්ස් ලීසිං මීගමුව නව සේවා මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට එම සමාගමේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ලයනල් ප්‍රනාන්දු, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) ලක්සඳ ගුණවර්ධන, ප්‍රධාන කළමනාකරු, චමිල් හේරත්, ජ්‍යෙෂ්ඨ කළමනාකරු (පීපල්ස් ලීසිං මීගමුව) නලින් ද සිල්වා හා පීපල්ස් ලීසිං මීගමුව සේවා මධ්‍යස්ථානයෙහි කළමනාකරු, සංජීව සුබසිංහ මහතා ඇතුළු ගනුදෙනුකරුවෝ රැසක් සහභාගි වූහ.

නව අදහස දක්වන්න