සද්දන්ත කුලය අපට අහිමි වේද? | දිනමිණ


 

සද්දන්ත කුලය අපට අහිමි වේද?

සොබා සෞන්දර්යය විශ්වයේ පුදුමසහගත නිර්මාණයකි. ගහකොළ සතා සිව්පාවා සමඟ පරිසරය මවන චිත්‍රය පුදුම සහගතය. අතීතයේ සිටම මිනිසා සහ පරිසරය අතර ‍තිබුණේ නොබිඳිය හැකි බැඳීමකි. මිනිසා පරිසරයට මෙතරම් ආදරය කළේදයත් ගහකොළවලට වැඳුම් පිදුම් කළ යුගයන් ගැන අප අසා තිබේ.

මිනිසාට මෙන්ම සතා සිව්පාවාටද පරිසරය තුළ ඇති අයිතිය කිසිවෙකුට උදුරාගත නොහැක. පරිසරයේ ඇති ජෛව විවිධත්වය මෙන්ම පරිසර තුලිතතාවය ඇතිකරලීම සඳහා ජීවීන්ගේ පැවැත්ම අත්‍යවශ්‍යම සාධකයකි. පරිසරයේ සිටින දැවැන්තයා ලෙස අප සලකන්නේ අලියා ය. අලි නොමැති පරිසරයක් කෙසේ චමත්කාරජනක වේද? වන උද්‍යාන නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් බොහෝ පිරිසක් නැරඹීමට කැමතිම සත්වයා අලියා ය. ලොකු කුඩා කා අතරත් සිත්ගත් සත්වයෙකු වශයෙන් අලියාට අප්‍රමාණ ඇල්මක් බොහෝ දෙනෙකු තුළ තිබේ. විවිධ මිනිස් ක්‍රියාකාරකම් නිසා පරිසර එළිපෙහෙළි කිරීම් ආදියේ ප්‍රතිඵලයක් ලෙස අලින්ට සිය නිජබිම අහිමි වී තිබේ.

අලි මිනිස් ගැටුම ද මෙහි අතුරු ප්‍රතිඵලයකි. අලියා යනු දීර්ඝ වශ‍ෙයන් සංචාරය කරන සත්වයෙකි. මෙකී තත්ත්වය තුළ වන සතුන්ට වනාන්තර ප්‍රමාණය කුඩා වීම තුළ ගම්වලට කඩා වදී. පසුගියදා හබරණ ප්‍රදේශයේදී අලි ඇතුන් විශාල ප්‍රමාණයක් අභිරහස් ලෙස මියගියේද විවිධ මිනිස් ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයන් නිසා විය හැක. තත්ත්වය මේ ආකාරයටම තිබුණහොත් පෙරහැරකටවත් අලියෙකු සොයා ගැනීමට අපට ‍නොහැකි වනු ඇත. වරෙක වැඳුම් පිදුම් ලබන පූජනීය සත්වයෙකු වන මෙම සත්ත්වයා තවත් විටෙක රටට විදේශ විනිමය සොයා දෙන මහඟු සම්පතකි. එදා ඩයිනෝසරයන්ට අත්වූ ඉරණම වත්මන් අලි පරපුරට අත්වීමට ඉඩ නොදී එම සතුන් රැකබලා ගැනීම පුරවැසි අපගේ යුතුකමයි.

චන්දන වන්නිආරච්චි 
දෙහිඅත්තකණ්ඩිය

නව අදහස දක්වන්න