ශ්‍රී දළදා මාලිගා අරමුදලෙන් නාඋල පවුලකට නිවෙසක් | දිනමිණ


 

ශ්‍රී දළදා මාලිගා අරමුදලෙන් නාඋල පවුලකට නිවෙසක්

නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් සේනාගම ග්‍රාම නිලධාරි වසමේ අඩු ආදායම්ලාභි පවුලක් සදහා නිවෙසක් ඉදිකර ලබාදීමට ශ්‍රී දළදා මාලිගා අරමුදල පියවර ගනියි. දිය වඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා විසින් පසුගිය දා එම නිවස පවුලේ පිරිස් සදහා නිල වශයෙන් ලබාදීම සිදුකරන ලදී.

නාඋල ප්‍රාදේශිය ලේකම් ආත්මා ඩිලුක්ෂි ජයරත්න මහත්මිය විසින් කරණ ලද ඉල්ලීමකට අනුව දියවඩන නිලමේවරයා විසින් මේ සදහා මුල්‍ය ප්‍රතිපාදන ලබාදී තිබිණි. විශේෂ අවශ්‍යතා සහිත දරුවන් දෙදෙනෙකුගේ මවුපියන් විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව මේ නිවෙස ඉදිකරන ලදි.

නාඋල සමූහ

නව අදහස දක්වන්න