මවුබිමේ-අනාගත පරපුරේ ආරක්ෂාව නිදහස ඕනෑ නම් හංසයාට ඡන්දය දෙන්න | දිනමිණ


 

මවුබිමේ-අනාගත පරපුරේ ආරක්ෂාව නිදහස ඕනෑ නම් හංසයාට ඡන්දය දෙන්න

පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව මාස තුනක කාලයක් ඇතුළත රටේ තත්ත්වය සාමාන්‍ය අතට පත් කිරීමට හැකි වූ බව සිහිපත් කරන ඒ මහතා එම ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට සුදු වෑන් අවශ්‍ය නොවූ බවද රටේ සාමාන්‍ය නීතිය යටතේ අදාළ සියලු පාර්ශ්වයන් අත්අඩංගුවට ගත් බවද පෙන්වාදෙයි.

අගමැතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ, සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී ඊයේ (08) පැවැති විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හමුවට සහභාගි වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ පසුගිය 2015න් පසුව මේ රටේ නිදහස් සමාජයක් ඇති කරන්න ක්‍රියාකර තිබෙන බවත් එයින් වැඩි වැඩ කොටසක් සිදුකර තිබෙන බවත්ය. එම වැඩ කටයුතු තවත් අවුරුදු පහක් ඉදිරියට කරගෙන යනවා ද කියා ජනතාව තීන්දු කළ යුතු බවද එසේ නොවන්නේ නම් යළිත් අප මාතෘභූමිය අඳුරු යුගයකට යන්නට හැකි බවත්ය. අඳුරු යුගයට යනවා ද නැතිනම් ඉදිරියට යනවා ද යන්න සම්බන්ධයෙන් තීරණය කළයුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.

රටේ නිදහස ආරක්ෂා කළ යුතු බව පෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතා නිදහස නොමැතිව ඉදිරියට යා නොහැකි බවද සෑම කාර්යයකටම රටේ මූලික නිදහස අවශ්‍ය වන බවද කීවේය.රටේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරමින් ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදා හැරීමට කටයුතු කරන බව කී ඒ මහතා ඉදිරියේ දී නව ව්‍යවස්ථාවක් ගෙන එන බවට යෝජනා ඉදිරිපත් කර තිබෙන බවද ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් ශක්තිමත් කරන්න අපි බලාපොරොත්තු වන බවද පැවැසීය.ඉදිරියේ දී පාසල් මට්ටමින් විශ්වවිද්‍යාල සඳහා තරුණ තරුණියන් බඳවා ගන්නා බවට ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙන නමුත් එසේ නම් අදාළ ක්‍රමය පැහැදිලි කළ යුතු බව පෙන්වා දුන් අගමැතිවරයා ඉසඩ් කෝ ක්‍රමයේ යම් අඩුපාඩු තිබෙන්නට පුළුවන් වූ නමුත් මෙය භයානක තත්ත්වයක් බවද මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවද පැවසීය.

නව අදහස දක්වන්න