නව දේශපාලන සංස්කෘතියක් බිහි කරනවා | දිනමිණ


 

නව දේශපාලන සංස්කෘතියක් බිහි කරනවා

ධනුෂ්ක ගොඩකුඹුර
නුවන් කොඩිකාර

මෙරට දේශපාලන සංස්කෘතිය වෙනස් කර ප්‍රතිපත්තිමය ආකාරයට තීන්දු ගන්නා නව දේශපාලන සංස්කෘතියක් බිහි කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

තමන්ට එකඟවිය හැකි ප්‍රතිපත්ති ඉදිරිපත් කරන පුද්ගලයකු සිටින්නේ නම් ඔහුගේ ප්‍රතිපත්තිවලට සහාය දීමට ජනතාවට අයිතියක් තිබෙන බව පැවසූ රාජපක්ෂ මහතා දේශපාලනය පදනම් විය යුත්තේ ප්‍රතිපත්ති මත මිස මඩ ප්‍රචාර මත නොවන බව පැවැසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේ සාර්ථක දැක්මක් වැඩ කරන රටක් තේමාව ඔස්සේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ විජයග්‍රාහී රත්නපුර ජනරැලියට පෙරේදා (07) එක්වෙමිනි.

තමන් ජනතාව ඉදිරියට ගොස් සිය ප්‍රතිපත්ති හා ඉදිරි වැඩපිළිවෙළ ගැන කතා කරද්දී ඇතැම් සමාජ මාධ්‍ය විවිධ බොරු ගොතා එම වැඩපිළිවෙළ විකෘති කිරීමට කටයුතු කරමින් සිටින නමුත් එවැනි අසත්‍ය ප්‍රචාරයන්ට මෙරට ජනතාව නැවත වරක් රැවටෙන්නේ නැති බව රාජපක්ෂ මහතා පැවැසීය.

විපක්ෂ නායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර, පවිත්‍රා වන්නිආරච්චි, ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, රංජිත් සොයිසා, ජානක වක්කුඹුර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල මහත්ම මහත්මීහු ද මෙහිදී අදහස් දැක් වූහ.

නව අදහස දක්වන්න