මන්නාරම ඡන්ද වර්ජනයකට ජනයා මෙහෙය වූ කූට ව්‍යාපාරය වැළැක්වූවා | දිනමිණ


 

මන්නාරම ඡන්ද වර්ජනයකට ජනයා මෙහෙය වූ කූට ව්‍යාපාරය වැළැක්වූවා

- සජිත්ට සියලු සහාය දෙන බව මන්නාරම රදගුරු හිමි පවසයි

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (08) මන්නාරම ප්‍රදේශයේ ජනහමු සඳහා සහභාගිවීමෙන් අනතුරුව මන්නාරම අගරදගුරු ෆෙටලිස් ලයනල් එම්මානුවෙල් ප්‍රනාන්දු පියතුමා හමුවී ආශිර්වාද ලබාගත්තේය. එහි දී එම්මානුවෙල් ප්‍රනාන්දු රදගුරු හිමි අදහස් දක්වා පැවැසුවේ මන්නාරම ප්‍රදේශයේ ජනතාවට ඡන්දය වර්ජනය කිරීමේ කූට ව්‍යාපාරයක් ක්‍රියාත්මක වුවත් තම සහෝදර පියවරුන් සමඟ එම කූට උත්සාහය වළක්වා දැමූ බවයි. ඉදිරි ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාට මන්නාරම රදගුරු වසමේ සියලුම පූජකවරුන්ගේ සහාය ලබාදෙන බව එහි දී රදගුරු පියතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඡායාරූප හිරන්ත ගුණතිලක

නව අදහස දක්වන්න