ආබාධිත තරුණියකට අතවර කළැයි සැක පොහොට්ටු ආධාරකරු දැලේ | දිනමිණ


 

ආබාධිත තරුණියකට අතවර කළැයි සැක පොහොට්ටු ආධාරකරු දැලේ

කෑගල්ලේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන රැස්වීමකට සහභාගි වී සිය මව සමඟ නිවසට යමින් සිටි  විසිහය හැවිරිදි ආබාධිත තරුණියක් පෙරේදා (07) රාත්‍රියේ පැහැරගෙන ගොස් දූෂණය කළැයි සැක පොදුජන පෙරමුණු ආධාරකරුවකු හෙම්මාතගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඇයව එසේ පැහැරගෙන ගොස් අතවර කර ඇත්තේ කෑගල්ලේ දේශපාලන රැස්වීමට සහභාගිවීමට හෙම්මාතගම සිට ගිය එකම කණ්ඩායමක සිටි තරුණයකු විසින්ම බව හෙම්මාතගම පොලිසිය සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා හෙම්මාතගම ‍පදිංචි විසිතුන් වියැති එම තරුණයාව අත්අඩංගුවට ගෙන ඇතැයි ද රුවන් ගුණසේකර මහතා පැවැසීය.

ලිංගික අතවරයට පත්වුණු ආබාධිත තරුණිය අධිකරණ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කිරීමට පොලිසිය පියවරගෙන තිබේ.

ගයාන් කුමාර වීරසිංහ සහ ප්‍රදීප් කුමාර ධර්මරත්න

නව අදහස දක්වන්න