රණවිරුවන්ගේ ගෞරවය අභිමානය සුරකින්න ප්‍රඥප්තියක් | දිනමිණ


 

රණවිරුවන්ගේ ගෞරවය අභිමානය සුරකින්න ප්‍රඥප්තියක්

තිස් වසරකට වැඩි කාලයක් මෙරට පැවැති ත්‍රස්තවාදී යුද්ධයේදී සිය ඇස් ඉස් මස් ලේ ඇට නහර සිය දේශය වෙනුවෙන් පූජා කරමින් ශ්‍රී ලාංකීය මාතෘ භූමියේ ආරක්ෂාව භෞමික අඛණ්ඩතාවය ස්වෛරී භාවය සහ භෞමික අඛණ්ඩතාවය අභිමානය සහ තිරසර පැවැත්ම වෙනුවෙන් තම දිවි පරදුවට තබා සටන් කර මවු බිම බේරා ගත් අභිත රණවිරුවන් හට කිසිවකුටත් බරක් නොවි අභිමානවත් ලෙස ජීවත් විමට අවශ්‍ය සියලු අවශ්‍යතා සපයා දීමේ සහ ගෞරවණිය ලෙස සැළකීමේ අරමුණින් ඉතිහාසයේ ප්‍රථම වරට රණවිරු ප්‍රඥප්තියක් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් පෙරේදා එළි දක්වනු ලැබිණි.

විවිධ වකවානු වලදී රට රකින රණවිරුවන්ගේ ගැටලු විසදා ඔවුන්ගේ සේවය ඇගයීම පිණිස විවිධ දේ ක්‍රියාත්මක කරනු ලැබුවද ඔවුන් සම්බන්ධයෙන් වු ස්ථිර ප්‍රඥප්තියක් මෙසේ එළිදක්වනු ලැබුවේ ඉතිහාසායේ ප්‍රථම වරට ජනපති අපේක්ෂඛ සජිත් ප්‍රේමදාස මහතාගේ යෝජනාවක් මතය.

හිටපු යුද්ධ හමුදාපති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා , අමාත්‍ය රාජිත සේනාරත්න අමාත්‍ය රුවන් විජයවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රි චතුර සේනාරත්න ඇතුළු දේශාලඥයන් සහ ආබාධිත රණවිරු සංගමයේ රණවිරුවන් ත්‍රිවිධ හමුදාවේ , පොලීසියේ සහ විශේෂ කාර්ය බළකායේ විශ්‍රාමික ආරක්ෂක නිළධාරීන් ඇතුළු විශාල පිරිසක් ඊයේ කොළඹ පැවැති මෙම රණවිරු ප්‍රඥප්තිය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වි සිටි අතර සජිත් ප්‍රේමදාස මහතා සහ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහත්වරුන් විසින් මෙම රණවිරු ප්‍රඥප්තියට අස්සන් තබනු ලැබිණි.

රණවිරු අභිමානය කිසිවිටකත් දේශපාලනයට හසු කර ගැනීමට ඉඩ නොතැබීම රණවිරුවන්ගේ ගෞරවය කෙළෙසන ආකාරයට රටේ විවිධ දේශපාලන හා වෙනත් අවස්ථාවලට සම්බන්ධ කර නොගැනීම කිසිවකුටත් කිසිම අවස්ථාවක රණවිරුවන්ට විවිධ අපරාධවලට යොදා නොගැනීමට අවස්ථාව ලබා නොදීම , ප්‍රභූවරුන්ගේ නිවෙස්වල සහ වෙනත් ස්ථානවල කුලී සේවයේ යොදා ගැනීමට ඉඩ නොතැබීම , කිසිම අවස්ථාවක දේශාලනඥයන්ගේ අතකොළු බවට රණවිරුවන් පත් කර ගැනීමට ඉඩ නොතැබීම ,ජීවිතාන්තය දක්වා විශ්‍රාම වැටුප සහ වෙනත් දීමනා ලබා දීමට ක්‍රියා කිරීම ඇතුළු රට වෙනුවෙන් කැපවු රණවිරුවන්ගේ නාමය තවත් වසර සිය ගණනකටවත් මෙරටින් මැකී නොයන පරිදි ආරක්ෂා කිරීමේ සුවිශේෂි කරුණු ඇතුලත් මෙම ප්‍රඥප්තිය මගින් රණවිරුවන් සුවිශේෂි ලෙස සුරක්ෂිත කෙරේ.

ඒ යටතේ විශේෂයෙන් ත්‍රිවිධ හමුදාවේ පොලීසියේ සහ සිවිල් ආරක්ෂක බළකායේ සාමාජිකයන්ගේ බදවා ගැනීම් උසස්වීම් වැටුප් ලබා දීම් විශ්‍රාම ගැන්වීම් සහ සියලු දීමනා නිසි පරිදි කලට වේලාවට ලබා දීමද මෙම ප්‍රඥප්තිය යටතේ වෙනස් නොවන පරිදි ශක්තිමත් කර තිබේ.

මෙම ප්‍රඥප්තිය එළි දක්වමින් නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ මේ රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් කර ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගත් රණවිරුවන් ආරක්ෂා කිරීමේ ප්‍රඥප්තියේ එකම ඉලක්කය බවයි .

විජයානි එදිරිසිංහ සහ සඳුන් රණසිංහ

නව අදහස දක්වන්න