හොරණ නාගරික සැලැස්ම අරඹනවා | දිනමිණ


 

හොරණ නාගරික සැලැස්ම අරඹනවා

හල්තොට සමුහ - විනිතා මානෙල් ගමගේ

අපි ලෝකයත් එක්ක ගනු දෙනු කරන්නට ඕනැ . ලෝකයට බය වෙලා හරියන්නෙ නෑ . ජාත්‍යන්තරයෙන් ප්‍රශ්ණයක් ආවාම පිට කොන්ද කෙලින් තියාගෙන උත්තර දෙන්නට ඕනැ . මම කියන්න කැමතියි අනිවාර් යෙන්ම මේ රටට ඕනම අභියෝගයක් කවුරු කවුරු ඇවිල්ල කළත් පිට කොන්ද කෙලින් තියාගෙන ඒවට මුහුණ දෙන්නට ජනාධිපතිවරයා හැටියට සජිත් ප්‍රේමදාස කටයුතු කරනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා .

ඒක තමයි කොන්ද කෙලින් තියෙන නායකත්වය කියන්නේ යැයි . ... නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුනේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පසු ගිය 31 දා හොරණ නගරයේදී පැවසුවේය.

මෙහිදි තව දුරටත් අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසුවේය .

ඒ වගේම හොරණ මැතිවරණ කොට්ඨාශයේ බරපතල ප්‍රශ්ණයක් අංක 120 බස් මාර් ගය අංක 450 බස් මාර් ගය හරහා නිර්මාණය වෙන වාහන තදබදය . මේ රටේ ජනාධිපතිවරයා හැටියට ඒ වාහන තදබදයට අනිවාර් යෙන්ම තිරසර විසදුමක් ඉක්මනින්ම ලබාදෙනවා . මේ බල ප්‍රදේශයේ තේ , රබර් , වී යනාදී වගාවන් ක්‍රියාත්මතක වෙනවා . විශේෂයෙන්ම මම කියන්න කැමතියි රටක් හැටියට අපේ ආහාර බවභෝග අවශ්‍යතාවය අපේ රටේ අභ්‍යන්තර ගොවිතැන් ක්‍රිියාවලිය තුලින් අපි සපුරා ගන්නට ජාතික සැලැස්මක් හදල තියෙනවා .

බොළඳ දේශපාලන සිතුවිලි තිබෙන අපේ ප්‍රතිවාදි කණ්ඩායම් මගේ පොරොන්දු දේශපාලන සීනි බෝල හැටියට සලකනවා . අපි ලබා දෙන හැම පොරොන්දුවකම හා කරන්න යෝජනා කරන හැම වැඩසටහනකම සමාජ සංවර්න ඉලක්ක රැසක් තිබෙනවා . මම සතුටින් ඔබට කියන්න කැමතියි සජිත් ප්‍රේමදාස ඉන්නෙ පොලවට පය ගහලයි කියලා. මේ අවස්ථාවෙ කියනවා .

නව තාකෂණික විද්‍යාල ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ එක බැගින් ආරම්භ කරන කොට හොරණ මැතිවරණ කොට්ඨාශයේ ඉංගිරියටත් හොරණටත් වශයෙන් අනිවර් යෙන්ම දෙකක් ලැබෙනවයි කියන එක මම කියන්න ඕනැ .

මම ඔබට පැහැදිලිව කියනවා අපේ රට මේ 16 දාට පෙර ලෝකයේ විවිධ රටවල් සමුහයත් එක්ක අත්සන් කරපු සෑම ගිවිසුමක්ම අපි නැවතත් අධ්‍යයනය කරනවා . නැවතත් හොයල බලනවා . රටට අගතිගාමි රටට හානියක් වෙන එකදු දෙයක් තිබෙනවා නම් ඒ සෑම ගිවිසුමක්ම වහාම සංහේධනයට ලක් කරන්නට මම ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනවයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා .

ඒක තමයි කොන්ද කෙලින් තියෙන නායකත්වය කියන්නෙ .

ඒවගේම මට තවත් කාරණාවක් පැහැදිලි කරන්නට අවශ්‍යයි . 16 වෙනිදයින් පස්සෙ බිහිවෙන රජයේ මම තීන්දු කරල තිබෙන්නේ ආරක්ෂක අංශය නීතිය හා සාමය අමාත්‍යාංශය අපේ පීල්ඩ් මාෂල් සරත් පොන්සේකා මැතිතුමට ලබා දෙන්න . ඒ හැරුණු කොට වෙනත් කිසිම ඇමතිකමක් පිළිබදව වෙන කිසිම තනතුරක් පිළිබදව තීරණ අරගෙන නැහැ . හැබැයි සරත් පෙන්සේකා මැතිතුමාට ඒ තනතුරු ලබා දෙන්නට පසුබිම් වුණ කරුණු කාරනා තමයි ඉදිරි රජ්‍යසේවා ගමනේ රාජ්‍ය පාලන ගමනේ මම මිනුම් දණ්ඩ කර ගත්තෙ . මොනවද 16 දයින් පසුව බිහිවෙන රජයක පාර්ශවකරුවෙක් වෙන්නට තිබෙන සුදසුකම් . හොරකම් කරල තිබෙන්නට බැහැ .වැරදි වැඩ කරළ තිබෙන්නට බැහැ .අතේ දැලි ගාගෙන තිබෙන්නට බැහැ . දූෂණය වංචාව හොරකම ප්‍රෝඩාව රාජ්‍ය දේපල විනාශ කිරිම රාජ්‍ය සම්පත් සූරා කැම අමු අමුවෙ මහ දවල් රජ්‍ය දේපල හොරා කෑම කරන්න බෑ . ඒව කරපු ඇත්තන්ට පුළුවන් දේශපාලනයෙන් විශ්‍රාම යන්න . ඒව කරපු ඇත්තන් අපේ ආණුඩුවෙ පාර්ශව කරුවන් වෙන්නෙ නෑ . ඒක මම පැහැදිලිව කියනවා . ඕනම කෙනෙකුට ඕනම දෙයක් කියන්න පුළුවන් . අවසානයේ රටේ ජනාධිපතිවරයා විදියට 16 දාට මම නං රටට කොඩිවිනයක් වුණ පුද්ගලයින්ව පත්කරන්නට මේ ප්‍රේමදාසගේ අත්සන යොදවන්නෙ නෑ කියළ මම පැහැදිලිව කියනවා .

මම ආමන්ත්‍රණය කරන හැම රැස්වීමක්ම මහුණු පොතේ සජීවිව ලබා දෙනවා . කවුරුත් සංස්කරණය කරන්නෙ නෑ . .

පුජ්‍ය දඹර අමිල හිමි , සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න , පාර් ලිමේන්තු මංත්‍රි සරත් පොන්සේකා , ඩිජිටල්යටිතල පහසුකම් හා තාක්ෂණ අමාත්‍ය අජිත් පී පෙරේරා , එක්සත් රණවිරු ප්‍රජාවේ කැදවුම්කරු අසේල ධර් මසිරි යන මහත්වරුන් ඇතුළු කථිකයින් කීප දෙනෙක් මේ අවස්ථාවේ අදහස් දැක් වුහ .

හොරණ එජාප ප්‍රධාන සංවිධායක හේමන්ත වික්‍රමරච්චි මහතාගේ මූලිකත්වයෙන්මෙම වැඩසටහන සංවිධානය කෙරිණ .

හොරණ නගරසභාවේ හිටපු නගරාධිපති වත්මන් විපක්ෂ නායක සෝමසිරි ගමගේ මහතා පිළිගැනීමේ කතාව සිදු කළ අතර හිටපු දිසා අමාත්‍ය ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි , පළාත් සභා මංත්‍රිවරුන් වන කිත්සිරි කහටපිටිය , අරුණ දීපාල් , හිටපු පළාත් සභා මංත්‍රි පි. ඩි අබේරත්න මහත්වරුන් මහජන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ .

 

නව අදහස දක්වන්න