රණවිරුවන් තව දුරටත් කුලීකරුවන් කිරීම හෝ දේශපාලනඥයන්ගේ අපරාධවලට සම්බන්ධ කර ගැනීමට මින් ඉදිරියට බෑ | දිනමිණ


 

රණවිරුවන් තව දුරටත් කුලීකරුවන් කිරීම හෝ දේශපාලනඥයන්ගේ අපරාධවලට සම්බන්ධ කර ගැනීමට මින් ඉදිරියට බෑ

මෙවන් ප්‍රඥාප්තියක් මෙරට ඉතිහාසයේ කිසි දිනක එළි දක්වා නැහැ. යුද්ධයේ නාමයෙන් තම පටු අරමුණු ඉෂ්ට කර ගන්නා ඇතැම් පිරිස් විසින් පසුගිය කාලය තුළ අහිංසක රණවිරුවන් තම පෞද්ගලික පළිගැනී‍ම් ඉටුකර ගැනීමට විවිධ ඝාතන සදහා යොදා ගනු ලැබුවා . රණවිරුවාගේ ගෞරවයට හානි කරමින් රටේ කුණු අදින වැඩවලට පවා රණවිරුවන් යොදා ගත්තා. ඉදිරියේදී කිසි කලක රණවිරුවන් එවැනි වැඩවලට යොදා ගනිමින් දේශාලනීකරණය කරමින් රණවිරු ගෞරවය නැති කර දැමීමටත් බලවතුන්ගේ අතකොළු බවට පත් කර ගැනීමටත් මේ ප්‍රඥප්තිය හරහා ඉඩක් ලැබෙන්නේ නැහැ. රණවිරුවා ආරක්ෂා කරන බව කියන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා යුද්ධ ජයග්‍රහණයේ පෙරමුණේ සිටි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ජම්පර් අන්දවා අප්‍රමාණ වු හිරිහැර කරනු ලැබුවා. අපේ එකම අරමුණ රටේ ස්වෛරී භාවය , භෞමික අඛණ්ඩතාවය ජාතික ආරක්ෂාව තහවුරු කරන රටක් ඇති කිරීමයි. විපක්ෂය මේ වන විට බොරු ප්‍රචාර කරමින් මම ෆෙඩරල් රාජ්‍යයක් ඇති කිරීමට කටයුතු කරන බවට බොරු ප්‍රචාර කරගෙන යනවා . මේවා අමුලික බොරු කතා. මේ රටේ එකම බිම් අගලක් වත් කවදාවත් බෙදා වෙන්කෙරන්න ඉඩක් තබන්නේ නැහැ . සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් දිවි හිමියෙන් රටේ ඒකීය භාවය ආරක්ෂා කිරීම මගේ රජයේ එකම අරමුණයි.සජිත් ප්‍රෙමදාස මහතා කියා සිටියේය.

මෙම රණවිරු ප්‍රඥප්තිය හරහා රණවිරුවන් සුරැකීම වෙනුවෙන් සිදු කරන සැලැසුම්, ජාතික ආරක්ෂාව, හමුදා සේවයට බදවා ගැනීම් පුහුණු වීම් ආදිය , පැවැත්ම සංස්ථා ව්‍යුහය , නිල උසස් කිරීම් , කුසලතා සංවර්ධනය සහ වෟත්තීය නිපුනත්වය, වැටුප් හා දීමනා , සුබ සාධන කටයුතු සෞඛ්‍ය කටයුතු ඇතුළු විවිධ අංශ හරහා මිය ගිය හා අතරුදහන් ආබාධිත, පුර්ණ ආබාධිත , සේවයේ සිටින ඇතුළු සියලුම රණවිරුවන් ඔවුන්ගේ දුවා දරවන් , බිරින්දෑවරුන්, මාපියන් ඇතුළු සියලු දෙනාම සුරක්ෂිත කර තිබේ. ඉදිරියෙදී කිසි කලක රණවිරුවන්ට තවත් කිසිම ආකාරයකින් නොවිසදුන ගැටලුවක් ඇති නොවන පරිදි ප්‍රඥප්තිය සකස් කර ඇති අතර සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

ඒ අතර මෙම අවස්ථාවේදී වර්තමාන රජය විසින් ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සිවිල් ආරක්ෂක බළකායේ වැටුප් ඉහළ ප්‍රතිශතයකින් වැඩි කිරීම , සිවිල්ආරක්ෂක බළකායේ සාමාජිකයන් හතලිස් දහසකට වැඩි පිරිසක් ස්ථිර කර විශ්‍රාම වැටුප ලබා දිම පොලිසියේ උසස්වීම් ආදිය ලබා දීම ඇතුළු රණවිරුවන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් වෙනුවෙන් සිදු කරන ලද යෝජනා රැසක් ක්‍රියාත්මක කිරීමද මෙහිදී පහදා දෙනු ලැබුණි.

නව අදහස දක්වන්න