මයික්‍රෝ කාර්ස් (පුද්) සමාගම HNBGI සමඟ අවබෝධතා ගිවිසුමක | දිනමිණ


 

මයික්‍රෝ කාර්ස් (පුද්) සමාගම HNBGI සමඟ අවබෝධතා ගිවිසුමක

HNB ඇෂුවරන්ස් PLC (HNBA) හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් (HNBGI), මයික්‍රෝ කාර්ස් (පුද්) සමාගම සමඟ එක්ව මයික්‍රෝ කාර්ස් සමාගමේ MG වාහන ප්‍රවර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට පැමිණ ඇති බව ප්‍රකාශයට පත්කරන ලදී. මෙම හවුල්කාරීත්වයේ අරමුණ වන්නේ සමාගම් දෙකේ ගුණාත්මක සහ ස්ථාවරත්වය මත පදනම් කරගත් රක්ෂණ සේවා තුළින් තවදුරටත් ආයතනික සේවාවන් වර්ධනය කර ගැනීමටයි. මෙම අවබෝධතා ගිවිසුමට HNBA සහ HNBGI හි කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරි දීප්ති ලොකුආරච්චි සහ මයික්‍රෝ කාර්ස් (පුද්ගලික) සමාගමේ අධ්‍යක්ෂ රුවිදු ගුණරත්න යන මහත්වරුන් විසින් අත්සන් තැබීය.

සිය අදහස් බෙදාහදා ගනිමින් ලොකුආරච්චි මහතා, “අප පසුගිය කාලය තුළ මයික්‍රෝ කාර්ස් (පුද්) සමාගම සමඟ එක්ව ව්‍යාපාර කටයුතු කර තිබේ. ඒ තුළින් බොහෝ කාලයක් MG වාහන මිලට ගත් ශ්‍රී ලාංකිකයන් හට තමන්ගේ වාහනය සුරක්ෂිත කිරීම තුළින් ඔවුනට සිතේ සැනසුම උදාකරදීමට අප සමත් වී ඇත. මයික්‍රෝ කාර්ස්, ශ්‍රී ලංකා මෝටර් රථ කර්මාන්තයේ ප්‍රමුඛයකු වන අතර MG වාහන හිමිකරුවන් හට මෙම අවබෝධතා ගිවිසුම මඟින් නොමිලේ ජීවිත රක්ෂණයක් ද ලබාදීමට කටයුතු සම්පූර්ණ කර තිබේ. අපගේ රක්ෂණ විසඳුම් බුද්ධිමත් මෝටර් රථ රියදුරන්ට ගැලපෙන පරිදි සකස් කළ හැකි නම්‍යශීලී මෙන්ම පූර්ණ සැලසුම් වේ. MG වැනි සුවිශේෂී ශ්‍රී ලාංකික වෙළෙඳ නාමයක් ප්‍රවර්ධනය කිරීමට මයික්‍රෝ කාර්ස් සමඟ මෙසේ අවබෝධතාවයකට පැමිණීම ගැන අප සතුටු වන්නෙමු. එමෙන්ම මෙම බැඳීම අපගේ ආයතනවලට සහ අපගේ ගනුදෙනුකරුවන්ට අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් වනු ඇතැයි මට විශ්වාසයි” පැවසුවේය.

මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් රුවිදු ගුණරත්න මහතා සිය අදහස් බෙදාහදා ගනිමින් HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ මෙසේ එක්ව ඉදිරියටත් කටයුතු කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳව අප සතුටට පත්වෙමු. අපගේ ව්‍යාපාර තුළ ගුණාත්මක සේවාවක් සහ සහක්‍රියාව වැඩිදියුණු කිරීමට අප මෙමගින් අපේක්ෂා කරන අතර තවදුරටත් අපගේ පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන විශිෂ්ට සේවාවන් ලබාදීමට ද මෙයින් අපට හැකිවනු ඇත. ශ්‍රී ලංකා රථවාහන ක්ෂේත්‍රයේ, මයික්‍රෝ කාර්ස් (පුද්) සමාගම තම මූලික නිෂ්පාදිතයට අමතරව, මාර්ග ආරක්ෂාව සහ ඉහළම ප්‍රමිතියේ අලෙවියෙන් පසු සේවාවන් සපුරා දීම එහි ප්‍රධානතම ඉලක්කයන් ලෙස සලකයි. මෝටර් රථ කර්මාන්තයේ විප්ලවීය වෙනසක් සඳහා පූර්ණ රක්ෂණ විසඳුම් හඳුන්වාදීමේ මෙම විශේෂ සන්ධිස්ථානයට දායක වූ සියලුදෙනාටම මම ස්තුතිවන්ත වෙමි.

2015 ජනවාරි මාසයේදී සිය ව්‍යාපාර කටයුතු ආරම්භ කළ HNBGI මෝටර් රථ සහ මෝටර් රථ නොවන රක්ෂණ විසඳුම් සේවා සලසන විශේෂඥයකු වන අතර මේ වනවිට ශාඛා කාර්යාල 56 ක ජාලයක් ඇති ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන සාමාන්‍ය රක්ෂණ සමාගමකි. ජීවිත රක්ෂණ විසඳුම් පිළිබඳ විශේෂඥයකු වන HNBGI හි මව් සමාගම වන HNBA ශ්‍රී ලංකාවේ හොඳම සමාගම් 100 ඇතුළතත් ශ්‍රී ලංකාවේ හොඳම වෙළෙඳ නාම 100 ඇතුළතත් ඇගයුම් ලබා තිබෙන අතර ජාත්‍යන්තර තලයේ වෙළෙඳ නාම විශිෂ්ටත්වය, ඩිජිටල් අලෙවිකරණය, මානව කළමනාකරණ විශිෂ්ටත්වය සඳහා සම්මාන ද එහි වාර්ෂික වාර්තාවන් සඳහා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය විසින් සහ දකුණු ආසියානු ගණකාධිකාරීවරුන්ගේ සංගමය විසින් ලබාදෙන නොයෙකුත් සම්මානත් ජය ගත් සමාගමක් වේ.

 

නව අදහස දක්වන්න