කොලොම්බියා ආරක්ෂක ඇමැති ගිලර්මෝ අස්වෙන තීරණයක | දිනමිණ


 

කොලොම්බියා ආරක්ෂක ඇමැති ගිලර්මෝ අස්වෙන තීරණයක

නීති විරෝධී ඝාතන චෝදනා සම්බන්ධයෙන් කොංග්‍රසයෙන් එළවා දැමිය හැකි බවට එල්ල වන තර්ජන සහ අනවශ්‍ය දේශපාලන අතපෙවීම් නිසා කොලොම්බියානු ආරක්ෂක අමාත්‍ය ගිලර්මෝ බොටෙරෝ සිය අමාත්‍ය පදවියෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව නිවේදනයකින් දන්වා සිට ඇත. පසුගිය කාලයේ විශාල වශයෙන් ඔහු අපකීර්තියට පත්ව ඇති අතර ඒ සඳහා ප්‍රධාන හේතුව වන්නේ හමුදා අංශ කළ ප්‍රහාරයක දී ළමුන් 8දෙනකු පමණ මිය යාම පිළිබඳ කරුණු ඔහු වසන් කළ බවට වන චෝදනාව බව කියැවේ. පවතින දේශපාලන වාතාවරණය පිළිබඳ ආරක්ෂක අමාත්‍යවරයාට නිසි කියවීමක් තිබීම ඔහුගේ යුතුකමයි. මා පදවියෙන් ඉල්ලා අස් වෙන්නේ ඒ නිසයිÓ යනුවෙන් ට්විටර් පණිවුඩයක් ඔහු විසින් තබා ඇත.

නව අදහස දක්වන්න