චීනයේ වීඩියෝ ක්‍රීඩා වෙළඳපොළට තහංචි | දිනමිණ


 

චීනයේ වීඩියෝ ක්‍රීඩා වෙළඳපොළට තහංචි

ළමුන්ගේ වීඩියෝ ක්‍රීඩා ඇබ්බැහිය වළකාලීම සඳහා යම් සීමාවලට යටත් වූ තහනම් පැනවීමට ලොව විශාලතම වීඩියෝ ක්‍රීඩා වෙළඳපොළ වන චීනය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව අවුරුදු 18ට අඩු ළමුන් සඳහා රාත්‍රී 8 සිට පසු දා උදෑසන 10 වන තෙක් ක්‍රීඩා කිරීම තහනම් වන අතර දිනකට වීඩියෝ ක්‍රීඩාවල නිරත විය හැක්කේ විනාඩි 90ක් පමණක් බව කියැවේ. සති අන්තයේ සහ නිවාඩු දිනවල දිනකට පැය 3ක් ක්‍රීඩා කළ හැකිය. අන්තර්ජාලය පාද කොට ගත් ක්‍රීඩා (ඔන්ලයින්) සඳහා අවුරුදු 8 සිට 16 දක්වා ළමුන්ට යුවාන් පිරිවැය දැරිය හැක්කේ යුවාන් 200ක් පමණක් වන අතර 18ට වැඩි ළමුන් සඳහා එය යුවාන් 400ක් වන බව ද අදාළ සීමා සඳහා වන නිර්දේශවල සඳහන් ය. මාධ්‍යයට අදහස් දක්වමින් චීන රජයේ නිලධාරියෙකු පවසා ඇත්තේ මෙලෙස පියවර ගැනීමට හේතුව කුඩා ළමුන්ගේ මානසික සහ ශාරීරික සුවතාව බවයි.

නව අදහස දක්වන්න