ජනපති ට්‍රම්ප්ට ඩොලර් මිලියන 2ක ගෙවන්නැයි අධිකරණ නියෝගයක් | දිනමිණ


 

ජනපති ට්‍රම්ප්ට ඩොලර් මිලියන 2ක ගෙවන්නැයි අධිකරණ නියෝගයක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඩොලර් මිලියන 2ක මුදලක් ගෙවන ලෙසට නියෝගයක් නිව්යෝක් අධිකරණය නිකුත් කර තිබේ.

ඩොනල්ඩ් ජේ ට්‍රම්ප් පදනමේ මුදල් 2016 වසරේ ජනාධිපතිවරණය සඳහා යොදා ගත් බව සනාථ වීමත් සමඟ මෙම නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වේ. ට්‍රම්ප් සහ ඔහුගේ දරුවන් ඉහත සඳහන් පුණ්‍යායතනයේ මුදල් අවභාවිත කළ බවට වූ චෝදනාවක් නිසා 2018 වසරේ එය වසා දමා ඇත. මීට අමතරව පුණ්‍යායතනය විසින් ආරම්භ කර අවසන් නොකළ ව්‍යාපෘති 8ක් සඳහා මුදල් ලබා දිය යුතු බවත් නියෝගයේ සඳහන් බව වාර්තා වේ.

නව අදහස දක්වන්න