අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි | දිනමිණ

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 75 ත් 100 ත් අතරවූ තද වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව,මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මෙන්ම වයඹ පළාතේ සහ කොළඹ, ගම්පහ, අනුරාධපුර සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. (50-75)පමණ තරමක තද වර්ෂාපතනයන් ද ඇති විය හැක.

මේ අතර උතුරුමැද, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී ඇතැම් ස්ථානවලමීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නව අදහස දක්වන්න