ආයු වඩන ස්වාභා­වික ආහාර | දිනමිණ


 

ආයු වඩන ස්වාභා­වික ආහාර

 

අතීතයේ අප මුතුන් මිත්තන් අවුරුදු සිය ගණන් ආයු වළඳා ඇති බව අප අසා ඇත්තෙමු. නමුත් මේ කාලයේදී වැඩිම ආයු කාලය අවුරු 60 – 70ට සීමා වී ඇත. මෙයට අපගේ ආහාර පුරුදු බොහෝ සෙයින් හේතු වී ඇති බව පෙනී යයි. නීරෝගී දිවිපැවැත්මක් සඳහා අවශ්‍ය ආහාර ද රැසක් සොබාදහම අපට දායාද කොට ඇත. මේ එවැනි ආහාර කිහිපයකි.

 

 

ඩාර්ක් චොකලට්

ඩාර්ක් චොකලට් හෘදය හා රුධිරවාහිනී නීරෝගී ව තබයි. හෘදයාබාධ හා ආඝාත අවධානමෙන් ඔබ මුදාගැනීමටත් ආයු කාලය වැඩි කිරීමටත් තද දුඹුරු වර්ණිත කොකෝවා වැඩි ප්‍රතිශතයකින් යුතු චොකලට් ඔබට උපකාරී වේ.

 

 

මේද සහිත මාළු වර්ග

ජපන් ජාතිකයන්ට ආයු කාලය වැඩි වීමට හේතු වී ඇත්තේ ඔවුන් සෞඛ්‍යයට හිතකර ආහාර වැඩියෙන් ආහාරයට ගන්නා බැවිනි. මේද අඩංගු මාළු වර්ග ඒ අතරින් එකකි. මේවායේ විටමින් ඒ හා ඩී මෙන්ම ඔමෙගා-3 මේද අම්ලය ද අඩංගු වේ. මේ පෝෂකයන් මඟින් හෘදය ආරක්ෂා කරයි, එමෙන්ම ප්‍රතිශක්තිය වඩවන අතර පිළිකා අවධානමෙන් ද ඔබ මුදවයි.

 

 

කෙසෙල්

කෙසෙල් සතුව නීරෝගී හා දීර්ඝ ආයු කාලයකට යතුර ඇති බව ඔබ දන්නවාද? කෙසෙල් ආහාරයට ගැනීම මඟින් අධික රුධිර පීඩනය, හෘදයාබාධ, ආඝාතය, ආමාෂයික ගැටළු, පිළිකා හා තවත් බොහෝ ව්‍යාධීන්ගෙන් ඔබ මුදවයි. මේවායේ පොටෑසියම්, මැග්නීසියම් හා ෆෝලේට් අඩංගු වේ.

 

 

 

ග්‍රීන් ටී

හරිත තේ හෙවත් ග්‍රීන් ටීවල ප්‍රතිඔක්සිකාරකයන් හා තද කහට අඩංගු වන බැවින් ප්‍රතිශක්තිය වැඩි වේ. දිනපතා ග්‍රීන් ටී පානය කිරීම දීර්ඝායුෂ ළඟා කර දේ. හෘදය, මොළය රැකදෙන අතර පිළිකා වලින් මුදවන ග්‍රීන් ටී කෝප්ප 2ක් පානය කිරීම හිතකරය. වැඩියෙන් පානය කිරීම අයහපත් ප්‍රතිඵල ලබා දෙන්නකි.

 

 

කෝපි

අනවශ්‍ය ලෙස කෝපි පානය කිරීම අයහපත් ය. ඕනෑම දෙයක් පමණ ඉක්මවා භාවිතය ආමාෂයික ගැටලු හා මානසික ගැටලු ඇති කරවිය හැක. නමුත් දිනකට කෝපි කෝප්ප 2ක් පමණ පානය කිරීම මඟින් හෘදය ආරක්ෂා කරමින් පිළිකා අවධානමින් ඔබ මුදවා ආයු කාලය වැඩි කරවයි.

 

බතල

දියවැඩියාව වැළැක්වීමට සමත් බතල, පැණි රසට ඔබගේ ඇති රුචිකත්වය ද අඩු කරයි. මෙමඟින් ඔබේ පෙනීම ද වඩවන අතර, රුධිර සංසරණය හා ප්‍රතිශක්තිය ද වඩවයි.

 

 

ඇපල්

‘An apple a day, keeps the docter away' නමින් කියමනක් ද ඇත. මේවායේ පිළිකා නාශකයන් අඩංගු වේ. ඇපල්වල තන්තු, විටමින්, පෝෂක හා පෙක්ටීන් අඩංගු වේ.

 

අන්තර්ජාලය ඇසුරිනි යශෝදා ඉන්දීවරී

 

නව අදහස දක්වන්න