දැරියගේ දූෂකයාට ඉහළම දඬුවම් | දිනමිණ

දැරියගේ දූෂකයාට ඉහළම දඬුවම්

ස්ත්‍රී දූෂණ, ළමා අපචාරවලට මගෙන් සමාවක් නෑ

විශේෂ අවශ්‍යතා ඇති දැරියක් හිතක් පපුවක් නැති නොමිනිසකු හෙම්මාතගම ප්‍රදේශයේ දී දූෂණයට ලක් කිරීමේ සිද්ධියට සම්බන්ධ වූ අයට දැඩි දඬුවම් ලබාදීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවත්, තමා ජනාධිපති වූ පසු ස්ත්‍රී දූෂකයන්ට ළමා අපචාරකරුවන්ට කිසිදු සමාවක් නොදෙන බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පෙරේදා (10) කෑගල්ලේ දී පැවසීය.

තමා කාන්තා සෞඛ්‍ය ගැන කතා කරද්දී පොහොට්ටුවේ අය තමන්ට මඩ ප්‍රහාර එල්ල කරන බවත් නමුත් ඉතා නින්දිත ආකාරයේ විශේෂ අවශ්‍යා ඇති දැරියක් දූෂණය කොට එම සිද්ධිය යටපත් කිරීමට ඇතමුන් කටයුතු කරන බවත්, නමුත් මෙවැනි සිද්ධි යටපත් කිරීමට කිසිවකුට ඉඩ නොදෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා කෑගල්ල නිදහස් මාවතේ පැවති ජන රැලියේ දී පැවසීය.

මහින්ද රාජපක්ෂ ජනපතිගේ පාලන කාලයේ මේ රටේ සිදු වූ ස්ත්‍රී දූෂණ මිනීමැරුම් ළමා අපචාර වැනි අමිහිරි සිද්ධි තමාගේ පාලන කාලයේ ඇති නොවීමට තමා වගබලා ගන්නා බවත්, එවැනි සිද්ධිවලට සම්බන්ධ වූවන්ට තමාගෙන් කිසිදු බේරුමක් නොමැති බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

අරණායක ප්‍රදීප් කුමාර ධර්මරත්න

නව අදහස දක්වන්න