දූෂණයෙන්- වංචාවෙන් තොරයි ජනපතිවීමට සුදුසුම අපේක්ෂකයා සජිත් | දිනමිණ

දූෂණයෙන්- වංචාවෙන් තොරයි ජනපතිවීමට සුදුසුම අපේක්ෂකයා සජිත්

උපාලි කරුණාරත්න

මහා සංඝරත්නය කියති

දූෂණයෙන්, වංචාවෙන් තොර තරුණ නායකයකු ඊළඟ ජනාධිපති ලෙස පත්කළ යුතු බවත්, ඒ සඳහා වඩාත්ම සුදුසු පුද්ගලයා සජිත් ප්‍රේමදාස මහතා බවත් මහගල්කඩවල පුණ්‍යසාර නා හිමියෝ සහ කරකොලේ පියදස්සී නාහිමියෝ ප්‍රකාශ කරති.

ජනාධිපති තනතුර සඳහා අමෙරිකන් පුරවැසියා තෝරා ගන්නවාද, රටේ දුප්පත් ජනතාවගේ දුක හඳුනන පුද්ගලයාව තෝරා ගන්නවාද යන අභියෝගය මෙම 16 දින මෙරට ජනතාවට උදාවන බවද උන්වහන්සේලා පැවසූහ.

මෙම අදහස් ප්‍රකාශ වූයේ ඊයේ (11) පිටකෝට්ට සිරිකොත මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ සත්කෝරල මහ දිසාවේ උප ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති මහගල්කඩවල පුණ්‍යසාර නාහිමියෝ- මෙවර ජනාධිපතිවරණයට අමෙරිකන් පුරවැසියෙක් ද ඉදිරිපත් වී සිටිනවා. ඒ වගේම මේ රටේ දුගී දුප්පත් ජනතාවගේ දුක හඳුනන ඇමැතිවරයෙක් වන සජිත් ප්‍රේමදාස මහතා ද ඉදිරිපත් වී තිබෙනවා. මේ දෙදෙනාගෙන් හොඳ කවුද කියා අප සොයා බැලුවා.

අපට ලේඛනයක් හමුවුණා. එහි තිබෙනවා අමෙරිකාවේ පුරවැසිභාවය ලබා ගන්නා අවස්ථාවේ ලබාදෙන දිවුරුම. ගෝඨාභය මහත්මයාත් එම දිවුරුම එදා ලබා දුන්නා. එහි තිබෙනවා කිසිම රාජ්‍යයක් සමඟ තිබෙන සබඳකම් සහ මුලින්ම අතහැර දමන බව. මේ රට පිළිබඳ එතුමාගේ තිබූ මවු ප්‍රේමය එමගින් ඉවත්කර ඇති බව අපට පෙනෙනවා. එක්සත් ජනපදය වෙනුවෙන් ආයුධ දැරීම, එහි ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම පිළිබඳව ද එම දිවුරුමේ සඳහන් වෙනවා. දෙව් පියාණෙනි මට උපකාර කළ මැනව යනුවෙන් ද එහි දැක්වෙනවා.

මේ ආකාරයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මේ රටේ ජනාධිපති අපේක්ෂකයෙකුවීමට කිසි අයිතියක් නැහැ කියා අප තරයේ ප්‍රකාශ කරනවා. මෙතුමා පිටුපස යන ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි ප්‍රධාන එතුමාගේ වැඩ පිළිවෙල අනුමත කරන නාහිමිවරුන් ඇතුලු මහා සංඝරත්නයෙන් අප ඒ පිළිබඳව විමසනවා.

ගෝඨාභය මහතත්මයා ප්‍රතිපත්ති ප්‍රකාශයේ කුමක් සඳහන් කළත් ඔහුගේ අතීත හැසිරීම් සමඟ එහි සඳහන් කරුණු ක්‍රියාත්මක කරයිද කියන ගැටලුව පවතිනවා. සැකයක් පවතිනවා. ඔහු ලංකාව ප්‍රතික්ෂේප කළ පුද්ගලයෙක්. මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ගේ හැසිරීම් දෙස බලන විට කවුරු ජනාධිපතිවරනයට ඉදිරිපත් වනවාද කියන ගැටලුවත් අපට ඇති වෙනවා.

 

නව අදහස දක්වන්න