ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය වෙනුවෙන් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය සූදානමින් | දිනමිණ

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය වෙනුවෙන් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය සූදානමින්

තවත් දින කිහිපයකින් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට සිය සමාජ මාධ්‍ය ජාලය හරහා එල්ලවිය හැකි අනිසි බලපෑම් මැඩපැවැත්වීමට පියවර ගෙන ඇති බව ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය දැනුම් දෙයි. 
 
ඒ අතරට ව්‍යාජ ගිණුම් ඉවත් කිරීම , අසත්‍ය තොරතුරු ව්‍යාප්තවීම , මුදල් ගෙවා ප්‍රචාරය කරන දැන්වීම්වල විනිවිදභාවය තහවුරු කිරීම ඇතුලු පියවර රැසක් ගෙන තිබෙන බවටත් , ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකට උපරිම සහය දක්වන බවටත් ෆේස්බුක් ආයතනය සහතික වී ඇත.
 
ජනාධිපතිවරණය ඉලක්ක කරගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් නිරීක්ෂණයට වෙනම කණ්ඩායම් කිහිපයක් පත්කර ඇතැයි සදහන් වේ.
 
ශ්‍රී ලංකාවේ නීතියට පටහැණි වෙළඳ දැන්වීම් ප්‍රචාරයට ලදහොත් ඒවා හැකි ඉක්මණින් ඉවත් කිරීමට පියවර ගන්නා බව ද ෆේස්බුක් ආයතනය දැනුම් දී තිබේ.

නව අදහස දක්වන්න