අභාවයන් | දිනමිණ


 

අභාවයන්

කොළඹ අගරදගුරු පදවියේ ගරු සිරිල් ජෝශප් පියතුමා නොවැම්බර් 12 වන අඟහරුවාදා ස්වර්ගස්ථ වූහ. මහජන ගෞරවය සඳහා එතුමාගේ මෘත දේහය අගරදගුරු මැඳුරේ දේවස්ථානයේ නොවැම්බර් 13 වෙනිදා සවස 6.00 දක්වා තැන්පත් කර තැබෙනු ඇත. ඉන්පසු උන්වහන්සේගේ මෘත දේහය නිරිපොල (හංවැල්ල) සාන්ත මරියා දේවස්ථානය වෙත ගෙන යනු ලැබේ. නොවැම්බර් 14 වන බ්‍රහස්පතින්දා සවස 2.30 ට එම දේවස්ථානයේ පැවැත්වෙන දිව්‍ය පූජාවෙන් පසු එතුමන්ගේ අවසන් කටයුතු නිරිපොල කතෝලික සුසාන භූමියේදී සිදු කෙරේ. අගරදගුරු නිවස,​ කොළඹ 08.
112356

නන්දා විජේරත්න මහත්මිය - වෑබඩ උතුර පදිංචිව සිටි කොළඹ විජේරත්න සහෝදරයෝ ආයතනයේ අධිපති නැසීගිය G.A.M. විජේරත්න මහතාගේ දයාබර බිරිඳ වූද,​ කාන්ති ලලනී,​ නැසීගිය ලලිත්,​ ප්‍රියා හා ශාම් ගේ දයාබර මෑණියන් වූද,​ දයානන්ද,​ ආනන්ද,​ චරිත්,​ ප්‍රියංග යන අයගේ නැන්දණිය වූ,​ නන්දා විජේරත්න මහත්මිය කළුරිය කළෙන්,​ අවසන් කටයුතු නොවැම්බර් 15 වැනි සිකුරාදා සවස 4.30 ට ඇල්දෙනිය ආදාහනාගාරයේදී සිදු කෙරේ. සියලු ඥාති මිත්‍රාදීන් වෙත සංවේගයෙන් කරන දැනුම් දීමයි.
112664

ලීලසේන විජේසූරිය මහතා - ස්වර්ණා ලියනගේ විජේසූරියගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූද,​ වෛද්‍ය ක්‍රිෂාන්,​ තිලංකි (ඕස්ට්‍රේලියාව) නිල්මි (යුනිසෙෆ්) යන අයගේ දයාබර පියාණන් වූද,​ නුවන් (ඕස්ට්‍රේලියාව) වෛද්‍ය සුරංගා,​ දර්ශන (කාර්ගිල්ස් බැංකුව) යන අයගේ දයාබර මාමණ්ඩිය වූද,​ නාවල අරලිය උද්‍යානයේ පදිංචිව සිටි,​ විශ්‍රාමික කථිකාචාර්ය සහ ව්‍යාපාරික ලීලසේන විජේසූරිය මහතා අභාවප්‍රාප්ත වූයෙන්,​ ඒ පිළිබඳ අවසන් කටයුතු නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා සවස 4 ට බොරැල්ල කනත්තේදී සිදු කෙරේ. දේහය බොරැල්ල ජයරත්න මල්ශාලාවේ “ද රෙස්පෙක්ට්” ශාලාවෙහි තැන්පත් කර ඇත.
112391

 

නව අදහස දක්වන්න