පාසල් “ශිල්ප කලා” විෂයට ශිල්ප සභාවේ අතහිත | දිනමිණ

පාසල් “ශිල්ප කලා” විෂයට ශිල්ප සභාවේ අතහිත

සෑම පාසල් දරුවකුටම පළමුවන ශ්‍රේණියේ සිට 13වන ශ්‍රේණිය දක්වා අඛණ්ඩ පාසල් අධ්‍යාපනයක් ලබා දීම අරමුණු කර ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය “13 වසරක සහතික කරන කළ අධ්‍යාපන වැඩසටහන” හඳුන්වා දී ඇත. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සියලුම සිසුන්ට සමත් හා අසමත් භාවය නොසලකා ඇතුළත්වීමට මෙමගින් අවස්ථාව උදා වේ. අනාගත අභියෝග ජයගත හැකි වෘත්තීය අධ්‍යාපනයක් ලබා දීම අරමුණු කරගත් නව වෘත්තීය විෂයන් 26ක් ඇතුළත් විෂය ධාරාවක් මෙම වැඩසටහනට ඇතුළත් කර ඇත.

ජාතික ශිල්ප සභාව යනු සම්ප්‍රදායක හා සංස්කෘතික වටිනාකමක් ඇති හස්ත කර්මාන්ත සංරක්ෂණය කිරීම, දේශීය හස්ත කර්මාන්ත සංවර්ධනය කිරීම, දිරිගැන්වීම හා ප්‍රවර්ධනය කිරීමත්, ශිල්පින්ගේ ආර්ථික හා සමාජීය තත්ත්වය නංවාලීමට බැඳී ඇති ජාතික රාජ්‍ය ආයතනයයි.

කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යංශය යටතේ පවතින ආයතනයක් වන ජාතික ශිල්ප සභාව වර්ථමානයේ හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයට සුවිශාල සේවාවක් සපයන රාජ්‍ය ආයතන අතරින් කැපී පෙනෙන ආයතනයක් බව සඳහන් කළ යුතුය. අධ්‍යාපන අමාත්‍යාංශයත් ජාතික ශිල්ප සභාවත් එකට එක්ව දිගු කාලිනව හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ සුරක්ෂිත භාවය වෙනුවෙන් 2017 වර්ෂයේ සිට ජාතික ශිල්ප සභාවේ වත්මන් සභාපතිතුමිය වන හේෂානි සතිෂ් බෝගොල්ලාගම මහත්මියගේ සංකල්පයක් අනුව ශිල්ප නවෝදා නමින් පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ආරම්භ කර ඇත.

විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය හඳුන්වා දී ඇති 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහනට ඉතා සමීප වැඩසටහනක් ලෙස මෙම තරගය හා ප්‍රදර්ශනය හඳුන්වාදිය හැක. පාසල් සිසු දරුවන්ගේ සැඟවුණු දක්ෂතා එලිදැක්වීමත්,පාසල් පද්ධතිය තුළට මෙම කර්මාන්තය ප්‍රචලිත කිරීමටත් දරුවන් තුළට මෙහි ඇති වටිනාකම ගැන උත්තේජනයක් රැගෙන යෑමටත් ,ව්‍යවසායකත්ව සංකල්ප ගැන අවබෝධයක් ලබාගෙන ව්‍යපාර ක්ෂේත්‍රයට ප්‍රවේශයන් ලබා ගැනීමත් මෙමගින් අපේක්ෂා කෙරේ.

මෙම තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වන අංගයක් වන අතර පළාත් මට්ටමෙන් හා ජාතික මට්ටමෙන් ජයග්‍රහණය කරන සිසු දරුවන්ට සහතික හා මුදල් ත්‍යාග ද ලබා දෙයි. මීට අමතරය ප්‍රතිලාභ රැසක් දරුවන්ට ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

අධ්‍යාපන අමාත්‍යංශය හඳුන්වා දී ඇති මෙම වැඩසටහන මගින් ශිල්ප කලා විෂයට උනන්දුවක් ඇති හා සහජයෙන් ප්‍රගුණ කර ඇති පාසල් දුවා දරුවන්ට ජාතික මට්ටමෙන් පිළිගන්නා පුහුණු සහතිකයක් ලබා ගැනීමට (NVQ) අවස්ථාව සැලසේ. ඒ සඳහා ජාතික ශිල්ප සභාව තෝරාගත් හස්ත කර්මාන්ත ක්ෂේත්‍ර සඳහා මෙම අවස්ථාව සලසා දීමට සැලසුම් සකස් කර ඇත. වසර 13ක් අඛණ්ඩව පාසල් දුවා දරුවන්ට විභාගය සමත් අසමත් දෙපාර්ශයටම එකසේ අධ්‍යාපනයට ලබා දීමට මෙම වැඩසටහන ඉතා කාලීන මෙන්ම දිගු කාලීනව ගත් ඉතා වටිනා වැඩසටහනක් බව සඳහන් කළ යුතු ය. විශේෂයෙන් ජාතික ශිල්ප සභාව මෙම ශිල්ප කලා ක්ෂේත්‍රයට උනන්දුවක් හා දක්ෂතාවක් ඇති, පාසල් දුවා දරුවන්ට “ශිල්ප නවෝදා” හස්ත තරගය හා ප්‍රදර්ශනය ප්‍රමාද නොකරම කල්වෙලා ඇතිව ආරම්භ කිරීමට කටයුතු කිරීම පැසසුම් කළ යුතු කාරණාවකි. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය ගරු රිෂඩ් බදියුදීන් මැතිතුමාගේ හා රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මැතිතුමාගේත්, අධ්‍යාපන අමාත්‍යය අකිල ව්රාජ් කාරියවසම් මැතිතුමාගේ නායකත්වය ලැබීම මෙම වැඩසටයන සාර්ථක කර ගැනීමට සුවිශාල ශක්තියක් වී ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයත් ජාතික ශිල්ප සභාවත් 2017 වර්ෂයේ සිට ආරම්භ කර ඇති ශිල්ප නවෝදා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය “ 13 වසරක සහතික කළ අධ්‍යපන වැඩසටහනට” ඉතා සමීපව කටයුතු කරන වැඩසටයනක් වේ. අඛණ්ඩව වසර 13ක් අධ්‍යාපනය හැදෑරීම රටට අවශ්‍ය යහපත් වූ මානව ප්‍රාග්ධනයක් තම හැකියාව මත ලබා ගැනීමට අවස්ථාව සැළසීම ප්‍රශංසනීය කටයුත්තක් බව පසක් කළ යුතු ය. මේ සඳහා ශිල්ප කලා විෂය හරහා ඊට අවශ්‍ය කරන මානව ශක්තීන් ශක්තීමත් කර තමන්ටත්, රටේ ජාතික ආර්ථිකයටත් රටේ සංස්කෘතික වටිනාකමක් ඇති හස්ත කර්මාන්ත ආරක්ෂා කර ගැනීමත් ජාතික ශිල්ප සභාව ඉදිරිපත්ව කටයුතු කිරීම අගය කළ යුතු ය.

ජාතික ශිල්ප සභාවේ 
මාධ්‍ය අංශය

නව අදහස දක්වන්න