මුදල් ඇමති මංගලගෙන් විශේෂ නිවේදනයක් | දිනමිණ

මුදල් ඇමති මංගලගෙන් විශේෂ නිවේදනයක්

පාන්පිටි මිල ඉහළ දැමීම සදහා කිසිදු සමාගමකට අවසර දී නැති බව පාරිභෝගික සේවා අධිකාරිය සදහන් කරයි. එසේ අවසරයකින් තොරව තිරිගු පිටි මිල ඉහළ දැමුවහොත් නීතිමය පියවර ගන්නා බව ද  එම අධිකාරිය අවධාරණය කරනු ලැබේ.
 
මේ අතර මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුම මගින් අවධාරණය කරන්නේ කැබිනට් මණ්ඩලය මගින් පත්කරන ලද ජීවන වියදම් කමිටුවේ සහ පාරිභෝගික සේවා අධිකාරියේ අනුමැතියකින් තොරව තිරිගුපිටි මිල ඉහළ දැමිය නොහැකි බවයි. එසේ මිල ඉහළ දමා ඇති බවට සිදු කෙරෙන ප්‍රචාර අසත්‍ය බවයි අමාත්‍යවරයා අවධාරණය කරයි.

නව අදහස දක්වන්න