සජිත්ගෙන් ගෝඨාභයට සුබ පැතුම් | දිනමිණ


 

සජිත්ගෙන් ගෝඨාභයට සුබ පැතුම්

ජනාධිපතිවරණයෙන් ලද පරාජය තමන් පිළිගන්නා බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයෙන් ඉල්ලා අස්වන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 
 
එමෙන්ම 7 වන ජනාධිපතිවරයා වශයෙන් ජනාධිපතිවරණයෙන් තේරීපත්වන ගෝඨාභය රාජපක්ෂ මහතාට තමන්ගේ සුභාෂිංශන පිරිනමන බව නිවේදනයක් නිකුත් කරමින් ඔහු සදහන් කරයි.
 
ඉදිරියේදී තමන්ගේ දේශපාලන කටයුතු සිදුකරනු ලබන ආකාරය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන බව ද සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබේ.
 
නිදහස් හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීම සඳහා කැපවූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු නිලධාරීන්ට සහ රටවැසියන්ට සිය ස්තුතිය පුදකරන බව ද සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.
 
තමන් සමග පුරා වසර 26ක් දේශපාලනය කිරීමේදී එකට සිටි සියළුම ජනතාවට සිය ස්තුතිය පුද කරන බව සජිත් ප්‍රේමදාස මහතා සිය නිවේදනයෙන් වැඩිදුරටත් සදහන් කර ඇත.

නව අදහස දක්වන්න