අමෙරිකා රාජ්‍ය ලේකම්ගෙන් නව ජනපතිට සුබ පැතුම් | දිනමිණ

අමෙරිකා රාජ්‍ය ලේකම්ගෙන් නව ජනපතිට සුබ පැතුම්

ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව ශ්‍රී ලංකා ජනතාවට ප්‍රශංසාව පළ කරන බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ සදහන් කර ඇත  
 
අමෙරිකානු රාජ්‍ය ලේකම් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව පවසා තිබේ. 
 
මානව හිමිකම්, වගවීම් හා ආරක්ෂක ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකා කැපවීම ශක්තිමත් කිරීමට එක්ව ක්‍රියා කිරීමට සූදානම් බව ඔහු පෙන්වා දෙයි. එසේම එක්සත් ජනපදය, නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමඟ එක්ව වැඩ කිරීමට සූදානම් බව ද සදහන් කර ඇත.
 
මේ අතර නෝර්වේ විදේශ කටයුතු අමාත්‍යාංශය ද ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව ශ්‍රී ලාංකේය ජනතාවට හා නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සුභාශිංසන පිරිනමා ඇත. ආර්ථික සංවර්ධනය, ප්‍රජාතන්ත්‍රවාදය හා සංහිඳියාව පිළිබඳ දෙරටේ සහයෝගීතාව අඛණ්ඩව ඉදිරියට රැගෙන යාමට අපේක්ෂා කරන බව නෝර්වේ විදේශ කටයුතු අමාත්‍යාවරයා වෙනුවෙන් නිකුත් කළ පණිවුඩයේ දැක්වේ.

නව අදහස දක්වන්න