ජනාධිපති ගෝඨාභයට චීන ජනපතිගෙන් සුබ පැතුම් | දිනමිණ


 

ජනාධිපති ගෝඨාභයට චීන ජනපතිගෙන් සුබ පැතුම්

ශ්‍රී ලංකා නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ චීන - ශ්‍රීලංකා සබඳතාවල නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව චීන ජනාධිපති ෂී ජින් පින් මහතා පවසයි. 
 
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතුම් එක් කරමින් චීන ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇත. 
 
දෙරටේම ජනතාවට තවදුරටත් ප්‍රතිලාභ ලැබෙන පරිදි චීන - ශ්‍රී ලංකා සබඳතා පවත්වාගෙන යාමට අපේකෂා කරන බව පැවසේ. 
 
අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට තමාගේ මෙන්ම තම රටේ ජනතාවගේ හෘදයාංගම සුබපැතුම්  එක්කරන බව ප්‍රකාශ කර තිබේ.
 
දීර්ඝ කාලයක සිට ශ්‍රී ලංකාව සහ චීනය අතර සාම්ප්‍රදායික, මිත්‍රශීලී සබඳතාවක් පවත්වාගෙන යන අතර නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ සඳහා දක්වන අඛණ්ඩ සහයෝගීතාවය අගය කරන බව චීන ජනාධිපති ෂී ජින් පින් මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

නව අදහස දක්වන්න