LANKA SSL සමා­ගම CNCI විශි­ෂ්ටතා සම්මාන දිනයි | දිනමිණ

LANKA SSL සමා­ගම CNCI විශි­ෂ්ටතා සම්මාන දිනයි

ඊ. බී. ක්‍රීසි සමූහයේ අනුබද්ධිත සමාගමක් වන සීමාසහිත ලංකා ස්පෙෂල් ස්ටීල් සමාගම කර්මාන්ත ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගැයීමට ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය සංවිධාන කරන CNCI විශිෂ්ටතා 2019 සම්මාන උළෙලේදී නිෂ්පාදන අංශයේ, මහා පරිමාණ කාණ්ඩයේ, ජාතික මට්ටමේ කුසලතා සම්මානයෙන් පිදුම් ලැබීය. කාර්මික, නිෂ්පාදන හා සේවා අංශයේ සමාගම්වල කාර්ය සාධනය විවිධ පැතිකඩ ඔස්සේ ඇගැයුමට ලක් කරමින් පිරිනැමෙන මේ සම්මානය සමාගමකට ජාත්‍යන්තරය ජය ගැනීම සඳහා මහඟු පිටිවහලකි. දේශීය වානේ කම්බි නිපැයුම් ක්ෂේත්‍රයේ පුරෝගාමියකු වන ලංකා ස්පෙෂල් ස්ටීල් සමාගම වානේ කම්බි, ගැල්වනයිස් කම්බි, ගැල්වනයිස් නොකළ කම්බි හා කටු කම්බි ඇතුළු නිෂ්පාදනවලින් වෙළෙඳපොළ ප්‍රමුඛයා බවට පත් වී ඇත. සමාගමේ වාර්ෂික නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 12,500කි.

මේ සුවිසල් ජයග්‍රහණයට උර දුන් සිය කාර්ය මණ්ඩලයට කෘතඥතාව පළ කළ ප්‍රධාන විධායක ප්‍රවීන් ද සිල්වා මහතා ‘සාර්ථකත්වයේ හිණි පෙත්තට නැඟීමේදී අපට ජය ගන්නට සිදු වූ විවිධ අභියෝග සම්භාරයට මේ සම්මානයෙන් හොඳ ඇගැයීමක් ලැබෙනවා. මේ සම්මානය අප සපයන භාණ්ඩ හා සේවාවල විශිෂ්ටත්වයේ ප්‍රතිමූර්තියක් ලෙස සැළෙකිය හැකියි.” යනුවෙන් පැවසීය. ISO 9001:2015 සහ SLS තත්ත්ව සහතික ලත් Lanka SSL සමාගම ජර්මානු තාක්ෂණය යටතේ මනා තත්ත්ව පාලනයකින් උසස්ම නිෂ්පාදන වෙළෙඳ පොළට ඉදිරිපත් කරයි. ගතවූ පසළොස් වසරක අතීතය තුළ හොඳම නිෂ්පාදන හා විශිෂ්ට සේවාවක් සැපයීමෙන් පාරිභෝගිකයන්ගේ විශ්වාසය ඉහළින්ම දිනා ගත් Lanka SSL සමාගම එක් එක් පාරිභෝගිකයාගේ අවශ්‍යතාවට ගැළපෙන පරිදි භාණ්ඩ ලබා දෙන්නට සමත්ය. සිය වානේ කම්බි අංශයේ නව නිෂ්පාදන හා දිගුකල් පැවැත්ම සඳහා මොරටුව විශ්වවිද්‍යාලාය සමඟ විද්‍යාත්මක පර්යේෂණ කටයුතු සිදු කරන Lanka SSL සමාගම එමගින් දේශීය හා විදේශීය වෙළෙඳ පොළ සඳහා වැඩි දියුණු කළ නිෂ්පාදන බිහි කරමින් සෘජු අපනයනය ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වේ.

 

නව අදහස දක්වන්න