පාර්ලිමේන්තු කාරක සභාව හෙට රැස්වේ | දිනමිණ


 

පාර්ලිමේන්තු කාරක සභාව හෙට රැස්වේ

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් හෙට (21) පෙරවරු 11.00ට  පැවැත්වීමට නියමිතය.

පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් කැඳවන ලෙස කථානායකවරයා පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායකට ලබා දුන් උපදෙස් මත මෙම කැඳවීම කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුවේ සන්නිවේදන අධ්‍යක්ෂ සහන් විජේතුංග ඒ බව සදහන් කලේය.

නව අදහස දක්වන්න