මහින්ද රාජපක්ෂ අගමැති ධුරයේ දිවුරුම් දෙයි | දිනමිණ


 

මහින්ද රාජපක්ෂ අගමැති ධුරයේ දිවුරුම් දෙයි

මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා වශයෙන් අද ( 21) ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්නේය.
 
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේය.
 
මෙම අවස්ථාවට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු මන්ත්‍රීවරු රැසක් සහභාගීවී සිටියහ.
 
දිවුරුම්දීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා පස්වරු 3.00ට සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරීමට නියමිතය. 
 
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු කැබිනට් අමාත්‍යවරයකු, විපක්ෂනායකවරයකු මෙන්ම විධායක ජනාධිපතිවරයකු ලෙස මහින්ද රාජපක්ෂ මහතා මව්බිම වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ නායකයකු වේ.
 

 

නව අදහස දක්වන්න