විපක්ෂ නායක පොරය දුරදිග යයි | දිනමිණ


 

විපක්ෂ නායක පොරය දුරදිග යයි

නුවන් කොඩිකාර
චමීර ඇල්ලදෙණිය

අකිල රනිල් ඉල්ලයි 
කබීර් සජිත් ඉල්ලයි

රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක ධුරයට පත් කරන්නැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරද් දී එක්සත් ජාතික පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන්ගේ අස්සනින් සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධුරයට පත් කරන්නැයි කතානායකවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් කබීර් හෂීම්, රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 45දෙනෙකු මේ ලිපියට අස්සන් කර ඇති අතර, හිටපු කැබිනට් නොවන ඇමැති අජිත් පී. පෙරේරා මහතා එය කතානායකවරයාට භාරදී ඇත.

මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතාගෙන් යුත් පිළක් සහ සජිත් ප්‍රේමදාස මහතාගේ පිළක් ලෙස මන්ත්‍රීවරුන් පිල් දෙකකට බෙදී ඇති බවත් යම් හෙයකින් සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායක ධූරය නොලබෙන්නේ නම් මන්ත්‍රීවරුන් පිරිසක් සජිත් ප්‍රේමදාස මහතා සමඟ කණ්ඩායමක් ලෙස එක්ව වෙනම පක්ෂයක් ගොඩනැංවීමට නියමිත බවත් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු පැවැසීය. කතානායකවරයාට මෙම දෙපිරිසගෙන් ම ලිපි ලැබී තිබුණ ද ඒ පිළිබද කතානායකවරයා ඒ කිසිවකු හට කිසිඳු දැනුම් දීමක් සිදුකර නොමැති බව එම ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

නව අදහස දක්වන්න