එක වේලකින් කුස පුරවා ගන්නා අනුරපුරේ සිවුදරු පවුලට උදවු කරමු | දිනමිණ


 

එක වේලකින් කුස පුරවා ගන්නා අනුරපුරේ සිවුදරු පවුලට උදවු කරමු

ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ ලක්දිවට වැඩම කර වු දා සිට උන්වහන්සේ රැකබලා ගැනීම පැවරුණු පරම්පරාවේ අදටත් එම රාජකාරිය දිවි පරදුවට තබා සිදුකරන පවුලක වර්තමාන අසරණ තත්වය පසුගියදා අහම්බෙන් මෙන් දැකගැනීමට අපට හැකි විය.අනුරාධපුර විහාරහල්මිල්ලකුලම ගම්මානයේ පදිංචි එස් .රතනපාල මහතා සහ දියණියන් තිදෙනකු එක පුතෙකු සහ ඔහුගේ මව ,බිරිය දිනකට එක වේලක් ආහාර ගෙන කුඩාවට තැනූ නිවෙසක අඩුපාඩු රැසක් මැද දිවි ගැට ගසා ගනිති.

අදටත් එදා මෙන් ජයසිරි මහා බෝධීන් වහන්සේ ආරක්ෂා කිරීම සඳහා තම දිවි දෙවැනි කොට ක්‍රියා කරන කිසිදු මුදලක් වාසියක් නොගෙන විහාරහල්මිල්ලකුලම ආදී ගම් නමයක ජනතාව එම රාජකාරිය ඉටුකරති. ජයසිරි මහා බෝධීන් වහන්සේ රැකගන්න තම සේවා මුරය ඉටුකරන රත්නපාලගේ දුක්බර කතා පුවත මෙසේය.

රතනපාලට වෛරස් උණ රෝගයක් වැළඳී සති කිහිපයක් කුලී වැඩක් හෝ නොමැතිව සිටිති.

ඔහුගේ බිරිය සුසිල් කාන්ති මහත්මිය තම දරුවන් හතර දෙනාට සහ මවට දිනකට එක වේලක් හෝ කැඳ උගුරක් බොන්නට දීමට නොහැකිව අසරණව සිටී . දරිද්‍රතාවයෙන් පෙළෙන බොහෝ දෙනෙකුට ලැබෙන සමෘද්ධි සහනාධාරය පවා මේ පවුලට නැත. මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින නයෝමී චන්දිමා එමෙන්ම තවමත් දොළොස් වැනි වියේ පසුවන සකුන්තලා සඳමිණි නම වැනි වියේ පසුවන දමිත් චාමර තවමත් පෙර පාසල් වියේ පසුවන ඉරේෂා ජයමාලි යන දරුවන් නිසි පෝෂණයක් නොමැතිව අඩුම තරමේ කනට තෝඩු දෙකක්වත් නොමැතිව දිනකට එක වේලක් ආහාර ගන්නා බව දුක්බරව පැවැසූහ. මේ අසරණ පවුලට නිවෙසක් තනා ගැනීමට, වැසිකිළියක් තනාගැනීමට දරුවන්ගේ අධ්‍යාපනයට උදව් උපකාර කිරීමට මෙන්ම අඩුම තරමින් දිනකට දෙවේලක් හෝ ආහාර ගැනීමට උපකාර කිරීමට කෙනෙක් වෙතොත් එය මහඟු පිනකි.

සිගිරිය විශේෂ

නව අදහස දක්වන්න