පාස්කු දා ප්‍රහාරය ගැන සොයන කොමිසමට පොලිස් ලොක්කන් දෙදෙනකුගෙන් සාක්කි | දිනමිණ


 

පාස්කු දා ප්‍රහාරය ගැන සොයන කොමිසමට පොලිස් ලොක්කන් දෙදෙනකුගෙන් සාක්කි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කර ඇති ජනාධිපති කොමිසම පෙරේදා (21) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගෙන් සහ විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරිවරයකුගෙන් දීර්ඝ ලෙස සාක්කි විමසා තිබේ.

කොළඹ මධ්‍යම කොට්ඨාසයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා සහ විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරි දයාරත්න යන මහත්වරුන්ගෙන් එසේ සාක්ෂි විමසා ඇත.

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති මේ කොමිසම මේ වන විට සාක්ෂි පහක් ලබාගෙන ඇති අතර, එම සාක්ෂිකරුවන් පස් දෙනාම පොලිස් නිලධාරීන්ය.

කොමිසමට අනුයුක්ත විශේෂ පොලිස් ඒකකය විසින් 60 දෙනකුට වැඩි පිරිසකගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බව ද සඳහන්ය. ඒ අය අතර කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් ද සිටිති. උන්වහන්සේ කොමිසම ඉදිරියේ සාක්ෂි දීමට සූදානමින් සිටින බවද කොමිසමේ පොලිස් ඒකකයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ

නව අදහස දක්වන්න