කෝටි දහයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් යාපනය අධිකරණ බිමේදී ගිනි තබයි | දිනමිණ


 

කෝටි දහයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් යාපනය අධිකරණ බිමේදී ගිනි තබයි

රුපියල් කෝටි දහයක් පමණ වටිනා විවිධ මත්ද්ර.ව්ය කිලෝ ග්රෑම් 2560ක් යාපනය මහාධිකරණයේ නියෝගයක් මත 23දා සවස යාපනය අධිකරණ සංකීර්ණ භූමියේදී දැඩි ආරක්ෂාව මධ්‍යයේ ගිනි තබා විනාශ කොට තිබේ.

මේ මත්ද්‍රව්‍ය තොගයට හෙරොයින් කිලෝ ග්රෑම් 8.125ක ප්‍රමාණයක්ද ඇතුළත් වී තිබූ අතර එම හෙරොයින් තොගය ඉන්දීය ධීවරයන් 6 දෙනෙකු විසින් බෝට්ටුවකින් රැගෙන එමින් තිබියදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් තොගයකි.

යාපනය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රම්ශංකර් මහතාගේ නියෝග පරිදි මෙසේ ගිනි තබා විනාශ කරන ලද මත්ද්‍රව්‍ය ප්‍රමාණය 2017 වසරේ අප්‍රේල් මස පළමුවැනිදා සිට යාපනය අධිකරණවල නඩු භාණ්ඩ වශයෙන් ඉදිරිපත් කරන ලද මත්ද්‍රව්‍යයයි.

අදාළ නඩු අවසන් වීමෙන් පසුව විනිසුරුවරයා එම මත්ද්‍රව්‍ය විනාශ කරන ලෙස නියෝග කොට තිබුණි.

උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

 

නව අදහස දක්වන්න