පූජිතට හේමසිරිට ඇපදීම අද තීරණය වේ | දිනමිණ


 

පූජිතට හේමසිරිට ඇපදීම අද තීරණය වේ

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් තමන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති ඇප අයදුම්පත කරුණු තහවුරු කිරීමට අද (27) කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා ඊයේ (26) නියම කළේය.

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාද තමන්ට ඇප ලබාදෙන මෙන් ඉල්ලා ගොනු කළ ඇප අයදුම්පත කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ අද (27) කැඳවෙයි.

පසුගිය අප්‍රේල් 21 වැනිදා එල්ල වූ පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව බුද්ධි තොරතුරු ලැබී තිබියදී එම ප්‍රහාරය වළක්වා නොගැනීමත්, රාජකාරිය පැහැර හැරීම ගැන චෝදනා මත කොළඹ මහාධිකරණය ලබාදුන් නියෝගය මත ‍මොවුන් දෙදෙනා ලබන මස 03 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

කුමුදු හෙට්ටිආරච්චි

නව අදහස දක්වන්න