ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතා සා.ජෝෂප්-මියුසියස් දිනති | දිනමිණ


 

ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතා සා.ජෝෂප්-මියුසියස් දිනති

ප්‍රින්ස් ගුණසේකර

දක්‍ෂතම ක්‍රීඩකයා මලිත්: ක්‍රීඩිකාව සෙනේකා

රිට්ස්බරි අනුග්‍රහයෙන් පැවැති ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ සමස්ත බාලක ශූරතාව ලකුණු 55ක් ලබාගත් කොළඹ සාන්ත ජෝෂප් විදුහල දිනාගත් අතර සමස්ත බාලිකා ශූරතාව ලකුණු 52ක් ලබාගත් කොළඹ මියුසියස් ක්‍රීඩිකාවෝ දිනාගත්හ. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පෙරේදා නිමාවට පත්වූ මෙම මලල ක්‍රීඩා උළෙලේ සමස්ත බාලක අනු ශූරතාව වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල (ලකුණු 46) හා බාලිකා අනු ශූරතාව කොළඹ විශාඛා විදුහල (ලකුණු 31) හිමිකර ගත්හ. කොළඹ ඩී. එස්. සේනානායක විදුහල (ලකුණු 42) හා මොරටුව ජයලත් අප ස්වාමි දුවගේ කන්‍යාරාමය (ලකුණු 29) පිළිවෙලින් බාලක - බාලිකා තෙවැනි ස්ථාන හිමිකර ගත්හ.

සමස්ත ක්‍රීඩා උළෙලේ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස වයස 15 න් පහළ පිරිමි දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 6.49ක දක්ෂතාවක් දැක්වූ කඳාන ද මැසිනොද් විදුහලේ මලිත් කසුන් හා දක්ෂතම ක්‍රීඩිකාව ලෙස 15 න් පහළ කාන්තා මීටර 200 ඉසව්ව තත්පර 25.7කින් නිමකළ මහනුවර පිහිටි කොළඹ ජාත්‍යන්තර පාසලේ සෙනේකා ගුණරත්න සම්මාන හිමිකර ගත්හ.

කනිෂ්ඨ ශූරතාව ලකුණු 22ක් ලබාගත් කොළඹ කොළඹ මියුසියස් විදුහල දිනාගත් අතර අනු ශූරතාව ශූරතාව ලකුණු 17ක් ලබාගත් මොරටුව ජයලත් අප ස්වාමි දුවගේ කන්‍යාරාමය හා තෙවැනි ස්ථානය ලකුණු 22 බැගින් ලබාගත් අඔගමුව මධ්‍ය මහා විදුහල හා හලාවත කාමේල් කාන්තා විදුහලට හිමි වූහ.

මීටර් 400 දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මහනුවර පිහිටි කොළඹ ජාත්‍යන්තර පාසලේ සෙනේකා ගුණරත්න තත්පර 59. 5ක කාලයකින් විශේෂ සම්මානයට පාත්‍රවූ අතර යක්කළ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඩී. හේවාවසම් කාන්තා දුර පැනීම මිටර් 5. 27කින් දක්ෂතා දැක්වීම හේතුවෙන් හොදම දුර පැනීමේ ක්‍රීඩක සම්මානය දිනා ගත්තාය.

වයස් කාණ්ඩ ශූරතා ප්‍රදානයේ දී 15න් පහළ පිරිමි ශූරතාව කොළඹ සාන්ත ජෝෂප් විදුහල (ලකුණු 32), අනු ශූරතාව මහනුවර ත්‍රිත්ව විදුහල (ලකුණු 30) හා තෙවැනි ස්ථානය කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහල (ලකුණු 26) දිනාගත්හ. 15න් පහළ කාන්තා ශූරතාව කොළඹ විශෘඛා විදුහල, අනු ශූරතාව කොළඹ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය හා තෙවැනි ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විදුහල දිනාගත්හ.

14න් පහළ පිරිමි ශූරතාව කොළඹ ඩී. එස්. සේනානයක විදුහල (ලකුණු 30), අනු ශූරතාව මාතර රාහුල විදුහල (ලකුණු 29) හා තෙවැනි ස්ථානය කොළඹ සාන්ත ජෝෂප් විදුහල (ලකුණු 23) දිනාගත්හ. 14න් පහළ කාන්තා ශූරතාව කොළඹ සාන්ත බ්‍රිජට් විදුහල, සම අනු ශූරතාව කොළඹ විශාඛා විදුහල හා මාතර මධ්‍ය මහා විදුහල දිනාගත්හ.

13න් පහළ පිරිමි ශූරතාව වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල (ලකුණු 29), අනු ශූරතාව පානදුර ලීඩ්ස් ජාත්‍යන්තර පාසල (ලකුණු 25) හා තෙවැනි ස්ථානය හොරණ රාජකීය විදුහල (ලකුණු 17) දිනාගත්හ. 13න් පහළ කාන්තා ශූරතාව කොළඹ මියුසියස් විදුහල (ලකුණු 33), සම අනු ශූරතාව ලකුණු 17 බැගින් වාර්තා කළ අඹගමුව මධ්‍ය මහා විදුහල හා විජය කටුපොත මහා විදුහල දිනාගත්හ.

12න් පහළ පිරිමි ශූරතාව ගල්කිස්ස විද්‍යා විදුහල (ලකුණු 24), අනු ශූරතාව දික්වැල්ල විජිත විදුහල (ලකුණු 22) හා තෙවැනි ස්ථානය උඩුගම්පොල සාන්ත පීටර්ස් විදුහල (ලකුණු 19) දිනාගත්හ. 12න් පහළ කාන්තා ශූරතාව තණමල්විල විජයපුර කනිෂ්ඨ විදුහල, දෙවැනි ස්ථානය නුගේගොඩ ලයිසියම් විදුහල (ලකුණු 20) හා සම තෙවැනි ස්ථානය මොරටුව ජයලත් අප ස්වාමි දුවගේ කන්‍යාරාමය හා මහනුවර උසස් බාලිකා විදුහල දිනාගත්හ.

 

PDF File: 

නව අදහස දක්වන්න