කටුනායක ගුවන් තොටුපොළේ ස්කෑන් යන්ත්‍රය ජනපතිගේ පරීක්ෂාවට | දිනමිණ


 

කටුනායක ගුවන් තොටුපොළේ ස්කෑන් යන්ත්‍රය ජනපතිගේ පරීක්ෂාවට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දියානු සංචාරයෙන් පසු කටුනායක ගුවන් තොටුපොළ පැමිණි අවස්ථාවේ එහි සවිකර ඇති ශරීර ස්කෑන් යන්ත්‍රය පෙරේදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පරීක්ෂාවට ලක් කොට රේගු නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීමට දරණ උත්සාහය පිළිබඳව පැසසුමට ලක් කොට තිබේ.

ජනාධිපතිවරයා මෙම ස්කෑන් යන්ත්‍රය පිළිබඳව ලොකු අවධානයක් යොමු කැර ඇත.

එහිදී කටුනායක ගුවත් තොටුපොළ හරහා ගමන් කිරීමට‍ පැමිණෙන මගීන්ගේ සිරුරේ විවිධ ස්ථානවල සඟවා ගෙන එන රන් අභරණ හා නීති විරෝධී මත්ද්‍රව්‍ය ක්ෂණිකව අනාවරණය කැර ගත හැකි බවද අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පවසයි.

මෙම ස්කෑන් යන්ත්‍රය සවි කිරීමෙන් පසු විදේශීය රටවලින් මෙරටට පැමිණෙන මඟින්ගේ ගමන් බෑග්වල හා සිය සිරුරේ සගවා ගෙන තිබෙන සියලුම මත්ද්‍රව්‍ය ,රන් අභරණ හා විදේශීය සිගරැට් විශාල වශයෙන් අත්අඩංගුවට හැකි වී ඇතැයි ද මෙහි දී රේගු නිලධාරීන් ජනාධිපතිවරයා දැණුවත් කොට ඇත.

ස්කෑන් යන්ත්‍රය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පරීක්ෂා කරන අවස්ථාවට ,කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා සිවිල් ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ද මෙම අවස්ථාවට සහභාගි වුහ.

නිමල් රාජපක්ෂ - සුභාෂිණි සේනානායක

නව අදහස දක්වන්න