CBL සමාගමට ස්ලිම් නැස්කෝ සම්මාන රැසක් | දිනමිණ


 

CBL සමාගමට ස්ලිම් නැස්කෝ සම්මාන රැසක්

ශ්‍රී ලංකාවේ විශාලත ම FMCG සමාගම් සමූහයක්වන සිලෝන් බිස්කට්ස් ලිමිටඩ් (CBL) පසුගියදා පැවති වාර්ෂික SLIM ජාතික විකුණුම් සම්මේලන සම්මාන උළෙලේදී (NASCO) සම්මාන රැසකින් පිදුම් ලබමින් විකුණුම් අංශයේ සිය වෘත්තීය භාවය යළිත් වරක් තහවුරු කිරීමට සමත් විය.

ස්ලිම් නැස්කෝ සම්මාන උළෙලේ වසර 18 ක ඉතිහාසය පුරා අඛණ්ඩව සම්මානයට පත්‍ර වූ CBL සමාගම මෙවර ද රන් සම්මානයක්, රිදී සම්මාන තුනක් සහ ලෝකඩ සම්මාන තුනක් සමගින් සම්මාන හතරක් හිමිකර ගත්තේය.

ඉදිරි පෙළ කාණ්ඩය යටතේ ආයතනික වෙළදාම් අංශය වෙනුවෙන් ඉෂාක් ලුක්මාන් රන් සම්මානයෙන් පිදුම් ලැබූ අතර, විධායක කාණ්ඩයේ බිස්කට් විකුණුම් අංශයේ බී.ඩී.ඩී. වීරරත්න, ඉදිරිපෙළ කාණ්ඩයේ ආයතනික වෙළෙදාම් අංශයේ පසිඳු කාංචන සහ විධායක කාණ්ඩයේ ආයතනික වෙළෙදාම් අංශයේ සිසිර සේනාරත්න රිදී සම්මානයෙන් පිදුම් ලැබූහ. ආහාර සමාගම් එකමුතුවේ ඉදිරිපෙළ කාණ්ඩයේ ඩිල්ශාන් පෙරේරාත්, ඉදිරිපෙළ කාණ්ඩයේ චොක්ලට් සහ කේක් විකුණුම් අංශයේ බන්දුල විජේවර්ධනත් සහ විධායක කාණ්ඩයේ ආහාර සමාගම් එකමුතුවේ නිලන්ත මෙන්ඩිස් මෙහිදී ලෝකඩ සම්මාන හිමිකර ගැනීමට සමත් වූහ.

Òමෙය අපගේ විකුණුම් බලකාය පෙන්නුම් කළ තවත් විශිෂ්ට ජයග්‍රහණයක් බව සඳහන් කළ හැකියි. අපගේ විශිෂ්ට විකුණුම් ක්‍රමවේද, අභ්‍යන්තර කාර්යසාධනය සහ ජයග්‍රාහී සම්ප්‍රදාය මෙම සම්මාන මගින් මැනවින් පිළිබිඹු වනවා. මෙම කාර්යමණ්ඩල සාමාජිකයන් පාරිභෝගිකයන්ට සහ සමාගමට විශිෂ්ට සේවාවක් ලබාදීම සඳහා කැපවීමෙන් කටයුතු කරනවා. .Ó යනුවෙන් සිලෝන් බිස්කට්ස් ලිමිටඩ් සමාගමේ විකුණුම් අංශයේ අධ්‍යක්ෂ/සමූහ සාමාන්‍යාධිකාරී අයි.එම්. ඛාන් මහතා ප්‍රකාශ කළේය.

නව අදහස දක්වන්න