හොංකොං විරෝධතාකරුවන්ගේ සහාය ට්‍රම්ප්ට | දිනමිණ


 

හොංකොං විරෝධතාකරුවන්ගේ සහාය ට්‍රම්ප්ට

හොංකොං විරෝධතාකරුවන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහයෝගය පළ කරමින් රැලියක් සංවිධාන කරනු ලැබීය. ඔවුන්ට හිතවාදී වෙමින් ට්‍රම්ප් අනුමත කළ ව්‍යවස්ථාවට ප්‍රතිචාර වශයෙන් හොංකොං විරෝධතාකරුවන් දහස් ගණනක් මේ රැලියට එක් වී ඇත. පොලිටෙක්නික් විශ්වවිද්‍යාලයෙන් පිටත එක්රැස් වූ සිය ගණනක් වූ ජනතාව පෙදෙසම ආලෝකවත් කරමින් 'ග්ලෝරි ටු හොංකොං' විරෝධතා ගීය ගායනා කළහ.

ට්‍රම්ප් අත්සන් කළ ව්‍යවස්ථාව එක්සත් ජනපද සෙනෙට් සභාව සහ පසුගිය සතියේ රැස් වූ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ එක් නීති සම්පාදකයකු හැර අන් සියල්ලන් විසින් ඒකමතිකව අනුමත කළේය. හොංකොං සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශය පැවැසුවේ, දිගින් දිගටම අත්තනෝමතික ලෙස ක්‍රියා කිරීමේ ප්‍රතිවිපාක ද දැරීමට එක්සත් ජනපදයට සිදුවනු ඇති බවයි.

හොකොං විශ්වවිද්‍යාලයේ තිබී පෙට්‍රල් බෝම්බ 4000ක් පමණ සොයා ගෙන ඇති අතර පුපුරණ ද්‍රව්‍ය 1339ක් සහ ගිනි අවි 573ක් සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කළේය.

 

නව අදහස දක්වන්න