ඉරාක අගමැතිගේ ඉල්ලා අස්වීම පාර්ලිමේන්තුවේ අනුමතයි | දිනමිණ


 

ඉරාක අගමැතිගේ ඉල්ලා අස්වීම පාර්ලිමේන්තුවේ අනුමතයි

ඉරාක අග්‍රාමාත්‍ය ඇඩෙල් අබ්දුල් මාදිගේ ඉල්ලා අස්වීම එරට පාර්ලිමේන්තුව අනුමත කර ඇත. ඒ අනුව ජනාධිපති බර්හාම් සාලේට නව අග්‍රාමාත්‍යවරයකු නම් කිරීමට සිදු වන බව ඉරාක පාර්ලිමේන්තුවේ කතානායකවරයා සඳහන් කරයි.

අගමැතිවරයා මෙලෙස ධූරයෙන් ඉල්ලා අස් වූයේ ඉරාකයේ සති ගණනක් පුරා පැවති ජනතා විරෝධතාවලින් අනතුරුවයි. පසුගිය ඔක්තෝබරයේ ආරම්භ වූ මේ විරෝධතා හේතු‍වෙන් මේ වන විට පුද්ගලයන් සංඛ්‍යාව 400ක් ජීවිතක්ෂයට පත් වී තිබේ.

මෙහි දී ඉරාකයේ ආරක්ෂක අංශ විරෝධතාකරුවන් සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රචණ්ඩ පිළිවෙත ෆ්රැන්සිස් පාප් වහන්සේගේ ද විවේචනයට ලක් විය.

ඔවුන් උද්ඝෝෂණවල නිරතවන්නේ, දූෂණය සහ විරැකියාව අවසන් කර මහජන සේවා වැඩි දියුණු කරන ලෙස ඉල්ලා සිටිමිනි.

 

නව අදහස දක්වන්න