උපේක්ෂාට රන් පදක්කමක් | දිනමිණ

උපේක්ෂාට රන් පදක්කමක්

මහර ගණිදු රෝචන සමරතුංග

දකුණු ආසියා කරාතේ ශූරතාවලියේදී කුම්තේ ඉසව්වේ කිලෝග්‍රෑම් 62 බර පන්තියේ රන් පදක්කම දිනා ගැනීමට ඒ.ඒ.විශ්මි උපේක්ෂා සමත්වූවාය. අවුරුදු 21න් පහළ තරග ඉසව්ව නියෝජනය කළ ඇය කඩවත මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවියකි.

බංග්ලාදේශයේ ඩකා නුවරදී පසුගියදා නිමාවට පත්වූ දකුණු ආසියා කරාතේ ශූරතාවලියේ රන් පදක්කම් දිනූ උපේක්ෂා වෙනුවෙන් උපහාර උළෙලක් පැවැති අතර කඩවත නගරයේ සිට රිය පෙරහරකින් ඇය විදුහල දක්වා කැඳවා ගෙන ගිය අතර උපහාර උත්සවය විදුහලේදි පැවැත්විණි.

කඩවත මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ආර්.එම්. ගුණරත්න මහතාගේ මඟ පෙන්වීමත්, අනුර ලියනගේ මහතාගේ පුහුණුකාරිත්වයත් යටතේ උපේක්ෂා දකුණු ආසියා කරාතේ ශූරතාවලියට එක්වූවාය.

නව අදහස දක්වන්න