මැතිව් අබේසිංහ ශ්‍රී ලංකා වාර්තාවක් ,සිවුවැනි රන් පදක්කමත් දිනයි | දිනමිණ


 

මැතිව් අබේසිංහ ශ්‍රී ලංකා වාර්තාවක් ,සිවුවැනි රන් පදක්කමත් දිනයි

නිරෝෂාන් ප්‍රියංකර

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පිහිනුම් ඉසව්වට එක්ව සිටින මැතිව් අබේසිංහ ⁣අද සිවුවැනි රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණා.

මීටර් 50 නිදහස්ආර ඉසව්වෙන් මැතිව් එම රන් පදක්කම දිනා ගත්තේ නව ශ්‍රී ලංකා වාර්තාවක් ද පිහිටුවමින්.

මේ අතර බැඩ්මින්ටන් කාන්තා යුගල ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් සහ රිදී පදක්කම් ද්විත්වයම හිමිවුණා. මෙලෙස දකුණු ආසියානු ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකා මේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගත්තේ පළමු වරටයි.

තිළිණි හෙන්දහේවා සහ කවිඳි සිරිමාන්න එස රන් පදක්කමට හිමිකම් කියද්දි රිදී පදක්කම හිමි වූයේ රත්නසිරි සහ උපුලි වීරසිංහටය.

නව අදහස දක්වන්න